(යොහාන් භාසුර)
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (16) පිටත්ව ගියේය.
අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තානි පින් අහ්මද් අල් සෙයුදි මහතා හමුවීමට නියමිතය.
ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී හෙට (17) සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
එම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා සන්නාම 50 ක පමණ අපනයනකරුවන් නිෂ්පාදන ඉදිරිපත් කර තිබේ.
ඩුබායි රාජ්‍යය විසින් සංවිධානය කරනු ලබන ‘ඩුබායි එක්පෝ 2022’ ප්‍රදර්ශනයට ද අමාත්‍යවරයා සහභාගි වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හම්බයන්ගෙන් හිඟාකන්න යනවා... කෝ අපේ බමුණා?
ඩුබායිවල අය හොඳයි... ලොකු ණයක් ලැබෙයි.
හිඟමන් යදිමු... සාගින්දර නිවන්නට...!
කරුණාකර නොපැමිණෙන්න...