
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඇමති බංගලා හතරක් අද හෙටම අගවිනිසුවරයාට භාර කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම අධිකරණ ශාලා වංචා දූෂණ පිළිබඳ නඩු හෝ අගවිනිසුරුවරයා සුදුසු යැයි සිතන නඩු ඇසීමට හැකි වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
අධිකරණ සේවා කොමිෂන් සභාව 2017 සිට තියෙන්නේ කන්ටේනර් වල බවත් එම කොමිෂන් සභා ගොඩනැගිල්ල පිළිසකර කර භාරදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කීය. අධිකරණ අමාත්‍යාංශයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර කෝටි 19කට වැඩි මුදලක් භාණ්ඩාගාරයට බැර කළ බව ඔහු පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංගලා නඩුකාරවරුන්ට දීලා පාර්ලිමේන්තුව උසාවියක් කරමු. ඈවරයි...