අජන්ත කුමාර අගලකඩ
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා මර්දනය සඳහා රජය විසින් පනවන ලද නීතිරීතිවලට අනුව සිදුකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දී ඇත.
තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය ඇතිව අනිද්දා (31) පස්වරුවේ කොටගල, නෝර්වුඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා සීමිත පිරිසක් සහභාගී කරවා ගන්නැයි ද සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව තොණ්ඩමන් මහතාගේ පවුලේ සාමාජිකයින්ට සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයාට ද දන්වා යවා ඇතැයි වාර්තා වේ.
තොණ්ඩමන් මහතාගේ අවසන් සිදුකෙරෙන නෝර්වුඩ් ක්‍රීඩාංගණයට විශාල පිරිසක් සහභාගී කරවාගැනීමට යන බවට ලැබී ඇති ආරංචි හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම දැනුම්දීම කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අශ්වයා ගිහින් ඉස්තාලය වැහුවට වැඩක් නැහැ.. දේහය වටේම ගෙනිච්චා... බොරුවට දැන් කොරෝනා පාලනය කරන්න හදනවා.
රට වටේ දවස් ගාණක් ගෙනිහින් දැන්ද නීතිරීති මතක් වුණේ?
මේ ගොල්ලෝ මොනවද මේ කියවන්නේ..? මහින්ද රාජපක්ෂ තොන්ඩමන්ගේ අවමගුල් ගෙදර ගිහින් තොන්ඩමන්ගේ පුතාව සිප වැළඳ ගත්තේ කොරෝනා නීතිරීතිවලට අනුවද..? ඒ මරණය වුණු අවස්ථාවේ සිට මරණ ගෙදර ගිය, මිනියට ගෞරව කරන්න ගිය සියලුම මෝඩ, නූගත්, දේශපාලුවන්ට මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ව තවත් රවට්ටන්නට බැරිවෙන විදිහට රූපවාහිනී ආයතන කිහිපයක සිදුවන ඇත්ත ප්‍රවෘත්තිවලට පෙන්වූවා. මියගිය තොන්ඩමාන් මහතාට අවසාන ගෞරවය දක්වන්න ගිය සියලුම දේශපාලුවන් සිටියේ එකිනෙකාට ගෑවී නොගෑවී වගෙයි.. මීටරයක දුරක් එකිනෙකා අතරේ තබාගත්තාද..? ඇත්ත මීටරය කියන්නේ කුමක්ද කියලාවත් දැනගන්න මේ දේශපාලුවන් පාසල් ගිහින් තියෙන්න ඕනෑනේ. දැන් මේ පැහැදිලි සාක්ෂි තිබෙද්දීත් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහත්මයා ( මම බොහොම ගරු කරන මහත්මයෙක් ) මේ ගැන කියන්නේ කුමක්දැයි අපි බලාගෙන සිටිනවා. කොරෝනා නීතිවලට පටහැනි ලෙස හැසුරුණු දේශපාලුවන් 250 ක් විතරත් ඒ අයගේ ගෝලබාලයින් 500 ක් විතරත් ගෙනියන මග දෙපස තෙරපි තෙරපී බලාසිටි 1000 විතර සාමාන්‍ය ජනතාවත් නිරෝධායනය කරමුද..? බැරි නම්.. ඇයි බයද...?
ජනතාවගේ වෙහෙසකර කැපවීම උදුරාගත් ගෝත්‍රික දේශපාලනය. උන්ව සුරකින මහ හොරුන්. ඒ දෙස අසරණව බලාසිටින රාජ්‍ය නිලධාරීන්. ශ්‍රී ලාංකිකයින් කොතරම් අසරණද ?
අශ්වයා ගිය පසු ඉස්ථාලය වැසීම.. අහෝ අනිල් ජාසිංහ මහතාණෙනි...
බැරි වෙලාවත් තොණ්ඩමාන් UNP එකත් එක්ක එකතුවෙලා හිටියා නම් බලාගන්න තිබුණා.. අප්පොච්චිගෙයි, ගෝල නඩෙයි සද්දෙ... කෝ මේ පංචායුධ කුමාරයා..?
දැන් බයිලා ගහන්න එපා... ඔක්කොම නිරෝධායනය නීතිය කඩලා සමාජයෙන් විරෝධතාවය එනකොට කියනවා නිරෝධායනය නීතියට අනුවලු. 225රැල හිටපු හැටි අපි දැක්කා.. ලොක්කන්ට එකක් පොඩි එකාට තව එකක්..
අසු ගිය පසු දොර වැසීලු.. මෝරුන්ට දැල් නොදමනුය.. හාල්මැස්සන් අල්ලනුය.. ඛේදයකි නිරුවත නොවෙද වෙදැදුරනි..
ඒ කියන්නේ මෙහෙම වුණේ කොරෝනා හැදිලා නිසාද?
මොන නිරෝධායන නීතිද ? මලමිනියත් උස්සගෙන ගිය ප්රචාරයේදී හොඳහැටි නීතිය උල්ලංඝනය උනේ? දැන් මොනවාද මේ කියවෙන කතා? මේවා කා රැවටීම පිණිසද?
මෙච්චර කාලයක් ඔය කියන නීති කොහෙද තිබුනේ? විවෘත රථ වල නැගීගෙන රට වටේ මිනිය ගෙනියමින් මීටරය තියා අගලකවත් පරතරයක් තිබුනෙ නෑ. ආදහනය විතරක් එහෙම කලාම කොරෝනා බෝ වෙන්නෙ නැද්ද? බුදුන්ගේ තෙමගුල සැමරුවොත් විතරද කොරෝනා බෝ වෙන්නේ?
නීති සියල්ලම අපිට පමණි... ඔය අයට බලපාන්නේ නැහැ.
අනේ මහත්තයෝ නිකන් විහිළු සපයන්න එපා. අපි දැක්කනේ මීටරේ පරතරේ... මාස්ක්, හැමදෙයක්ම. ඇයි මෙයා පොහොට්ටුවට උදව් කරන හින්දනේ මේ ඔක්කොම... අනේ පව් රටේ නීතියට ගිය කලක්...
අම්මෝ...!!! හිනාව හිරවෙලා තව පොඩ්ඩෙන් මම මැරෙනවා.
අනේ නිකන් ලෝකේ හිනස්සන කතා කියන්නේ නැතුව ඉන්න... දකුණට දකුණේ නීතිය, වතුකරේට තොන්ඩමාන්ගේ නීතිය, උතුරට කරුණා නීතිය, මීගමුවට ලංස ගේ නීතිය, පොළොන්නරුවට හබරලිය මුදලාලිගේ නීතිය, උතුරට විග්නේශ්වරන් නීතිය, අපි හැමෝටම කොරෝනා නීතිය...
අනේ අපේ රටට දියසේන කුමාරයාවත් රජ වුණොත්. අනේ එ්ත් එයත් මේ වගේ අන්තිමට “ හිටන් “ වෙලා මිස පුටින් වගේ වෙන්නේ නැහැ.
මළගෙවල් හතරක් තිබ්බනේ ඔය මොන නීතියක්වත් නැතුව. ජනතාව කිසිම පරතරයක් නැතුව පෝලිමේ ඇවිත් අවසන් ගෞරව දැක්කුවේ. මේ අන්තිම වෙලාවේ මොකටද නීති? බෝවෙන කෙනකුට දැන් බෝවෙලා ඉවරයිනේ.
දේශපාලකයා පිනවන්න තමයි මේවා තියෙන්නේ. මේක ඉතාම බාල වැඩක්.
අශ්වයා පැනලා ගියාම තමයි ඉස්තාලෙ වහන්නේ...
දැන් තමයි තදවෙලා තියන්නේ...
ඒ පාර මොකටද මේ එන්න හදන්නේ? දැන් දින කීයක් මෘත දේහය අනාරක්ෂිතව ප්‍රදර්ශනය කළාද? ඇරත් එක තැනක විතරද? තව මොන නිරෝධායන නීතියක් කඩ කරන්නද? නාවික හමුදාව, කුවේට් ආගමනික වගේ තව එක පොකුරක් හැදුනොත් මුහුණ දෙන්නයි දැන් සූදානම් විය යුත්තේ... බොරුවට නීති නොදා...
මාර්කටින් කෙරුවට පස්සේ දෙන් ඉතින් මොන නීතිද?
කාටද හලෝ බොරු කියන්නේ..? අපි ගොන්නු කියලා හිතුවද? අපි දැක්කා ඔහෙලගේ කෙරුවාව..
තුෂාර, මොනවද මේ කියවන්නේ? බුදුන් වැන්දට ඡන්දෙ දිනන්න පුලුවන්ද?
කෝ අර කොවිඩ් විද්වත් මණ්ඩලේ? දැන් කව්රුවත් පේන්න නෑ. අගමැති පවා මුඛවාඩම් නැතිව තෙරපි තෙරපී මිනිස්සු වැළඳගත්තේ. ඉතින් මෙතන රෝගබීජ තිබුණා නම් ඕන කෙනෙකුට බෝවෙන්න පුළුවන්නේ. කොහොමද මෙහෙම විශේෂ උත්සවාකාරයෙන් කරන්නේ? කෝ ගම්මන්පිලලා, අබේතිස්සලා, වීරවංශලා, සජිත්ලා, රනිල්ලා, ජෙප්පෝ කිසිම සද්දයක් නැහැනේ... ලබන මැතිවරණයට දැන් පටන් ගත්තා වෙන්න ඇති... වතුකරයේ මිනිසුන් හිඟානොකා හිඟා කනවා.. ඔය නායකයින් කියන මිනිසුන් කොළඹට වෙලා සැප විඳිනවා.. වතුකරයේ මිනිස්සු චූටි දරුවොත් එක්ක පුදුම දුකක් විඳිනවා...
සියවසේ විහිළුව...