රංජිත් රාජපක්ෂ
ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍යය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති එස්.සත්‍යවේල් මහතා පැවසිය.
ඊයේ (26) දින පස්වරුවේ ආරුමුගන් තොණ්ඩමන් මහතාට හදිසියේ ඇති වු හෘද්‍යාබාධයක් හේතුවෙන් තලංගම ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු ඒ මහතා අභවප්‍රාප්ත විය.
දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන තොණ්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘ දිවන්ගත සෞම්‍යයමුර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව 1999 වසරේදි ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය ආරුමුගන් තොණ්ඩමන් මහතාට හිමිවිය.
වර්ෂ 1964 මැයි මස 29 දින උපත ලැබු ආරුමුගන් තොණ්ඩමන් මහතා කොළඹ රාජකිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන අතර 1994 වසරේ නුවරඑලිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වු අතර එදා සිට අද දක්වාම පැවති රාජයන් වල විවිධ අමාත්‍යය ධුරයන් දැරිය.
අභාවප්‍රාප්ත වු තොණ්ඩමන් මහතාගේ දේහය අද (27) දින දවස පුරා බත්තරමුල්ල පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර හෙට (28) දින දේහය පාර්ලිමේන්තුව සංකිර්ණය වෙත රැගෙන ගොස් එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව දේහය කොළඹ 03 මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ තැන්පත් කර තැබිමට අවමංගල කමිටුව තිරණය කර ඇත.
සිකුරාදා (29) දින කොත්මලේ රම්බොඩ පිහිටි තොණ්ඩමන් මහතාගේ නිවස වෙත දේහය රැගෙන විත් එදින තැන්පත් කර සෙනසුරාදා(30) දින තොණ්ඩමන් මහතාගේ දේහය කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානය වෙත රැගෙන විත් තැන්පත් කර (31) දින අවසන් කටයුතු රාජ්‍යය ගෞරව සහිතව නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන බව ලංකා කම්කරු කොංග්‍රසය සදහන් කරයි.
මේ අතර තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුව වතුකරයේ කිසිදු වතු කම්කරුවෙක් අද(27) දිනයේ දෛනික රාජකාරි කටයුතු වලට වාර්තා නොකලේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙකු මියගිය පසු හෙළාදැකීම හොඳ දෙයක් නොවන නමුත්.. මේ දිනවල රටේ සාමාන්‍ය මිනිසුන් මියගිය පසු එක් නීතියකුත්, මේ අයට තවත් නීතියකුත් ක්‍රියාත්මක වීම ගැන නම් ඇත්තේ කණගාටුවකි.. තොණ්ඩමන්ලා වතුකරයට කළ කී දේ ගැන දන්නේ වතුකරයේ ඉන්නා අහිංසක අසරණ මිනිසුන්ම පමණකි.. ඔවුන්ගේ හඬ මින් ඉදිරියට හෝ ඇසෙන නායකයින් සිටී යැයි විශ්වාස කිරීමට අපහසුයි.. දුක විකුණාගෙන කෑම පමණක් හෙටත් සිදුවනවා නොඅනුමානයි...
නිරෝධායන නීති මොකුත් ම නෑ වගේ. අපේ ලොකු අම්ම නැතිවෙලා කනත්තට යන්න අවසර දුන්නේ 12 කට හෝ 20 කට පමණි... (කොරෝනා මරණයක් නොවේ). ආදාහනය පහුවදාම ගන්නත් අනිවාර්ය කළා. බලමුකෝ ඒ නීති ක්‍රියාත්මක වෙන හැටි.
දුරස්ථභාවය මේ වගේ තැන්වලට අදාළ නැද්ද?
මේ මරණය විශේෂිත එකක්ද? දවස් 5ක් මොනවද කරන්නේ? රටේ එක නීතියක් නැද්ද?
වතුකරයේ දුප්පත් අහිංසක ජනතාවට ඉමහත් සේවයක් කළ එතුමාට අපගේ සාතිශය සෝකය පළකරමු. මහාපරිමාණ හොර, දූෂිත බලලෝභී බඩගෝස්තරවාදී දේශපාලුවන් යහතින් ඉන්නවා. ඔවුන්ට මොකවත් වෙන්නේ නැහැනේ. බලන්නකෝ ඒකෙත් හැටි...?
සමාජ දුරස්ථ භාවයේ වැදගත්කම ආදර්ශයෙන් නායකයන් පෙන්විය යුතුයි.