(ඩයනා උදයංගනී)

බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ලබන සිකුරාදා ‍(6) තෙක් එම අමාත්‍යාංශය වසා තබන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

එම ආසාදිතයන්ගේ ආශ්‍රිත‍යෙක් වීම නිසා තමා ද ඇන්ටිජන් පරික්ෂාවක් සිදුකරගත් බවත් එයින් තමා රෝගයට ගොදුරු වී නොමැති බව තහවුරු වූ බවත් ඇමතිවරයා පැවසීය.

එසේ වුවත් තමා ද අද සිට නිරෝධායනයට ලක් වන බව ඇමතිවරයා සඳහන් කළේය.