(අනිල් ගාමිනී විජේරත්න)

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාල මහතාගේ සොහොයුරා  මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ  මහ ඉලුප්පල්ලම පදිංචි  කේ.එස් එම්. පියසේන දිසානායක නමැති අයෙකි.

ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත.