(නිමන්ති රණසිංහ)
ඇඳිරි නිතීය බල පැවැත්වෙන ප‍්‍රදේශවල දිනකට සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් එක් බැංකු ශාඛාවක් නිශ්චිතව පැය ගණනකට විවෘතව තැබීමට අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.
අත්‍යවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (27) පැවැති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.
ගනුදෙනුකරුවන් බැංකු වෙත කැදවීමට වඩා බැංකුව ගනුදෙනුකරුවන් වෙතට යාමේ කි‍්‍රයාමාර්ග මෙන්ම ජංගම බැංකු සේවාවක් හදුන්වා දීමේ කි‍්‍රයාමාර්ග ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය පිළිබදව මෙම රැස්වීමේදී වැඩිදුරටත් අවධානය යොමු කර ඇත.
බැංකු හා මූල්‍ය ක්ෂේත‍්‍රයට සම්බන්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප‍්‍රධානීන් මෙම රැස්වීමට සහභාගී වී ඇති අතර, මෙවැනි අවදානම් කාලයක හැකි සෑම අවස්ථාවක දීම සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ආර්ථිකය ශක්තිමත්ව පවත්වා ගෙන යාමට උනන්දු විය යුතු බවටද මෙම රැස්වීමේදී සාකච්ඡාවට බදුන් වී තිබේ.
ජාත්‍යන්තර ගනුදෙනු කිරිම සදහා වාණීජ බැංකුවල රාජකාරිය අඛණ්ඩව පවත්වාගෙන යාම, චෙක්පත් නිශ්කාශන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම, ඒ ටී එම් යන්ත‍්‍ර නිසි පරිදි පවත්වා ගැනීම, ඒ ටී එම් ජංගම සේවා පැවැත්වීමේ හැකියාව සහ අවම සේවක පිරිසකගේ සහභාගීත්වයෙන් බැංකු ශාඛාවල සේවය අඛණ්ඩව පවත්වා ගැනීම වැනි කරුණු කෙරෙහි ද අතවශ්‍ය සේවාවන් පිළිබද ජනාධිපති කාර්ය සාධක බළකායේ රැස්වීමේදී අවධානය යොමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මටනම් මෙව්වා හතර බීරි කතා! අතුරු පාරකවත් ඉන්න එපාලු. බැංකු ඇරලා හොල්මන් ගනුදෙනු කරන්නද?