IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ

ඉන්දිකා රාමනායක

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන්  අද (27) සිට අත්අඩංගුවට ගන්නා  පුද්ගලයන්ට පොලිස් ඇප ලබා නොදෙන බව  නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

ඇදිරිනීතිය  උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් මෙතෙක් පොලිස් ඇප මත මුදා හැරී අතර  අද සිට එසේ නොකරන  ලෙසට සියලූ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දුන් බවද    අජිත් රෝහණ මහතා කීය.
 



අදහස් (8)

ඇඳිරි නීතිය කැඩුවොත් පොලිස් ඇපත් නෑ

සමීර Friday, 27 March 2020 02:22 PM

ගෙවල් වල කෑමත් ඉවර එකේ මිනිස්සු කැමැත්තෙන් රිමාන්ඩ් වෙන්න එයිද දන්නේ නෑ පොලිසියෙන් කන්න.

:       2       6

saman Friday, 27 March 2020 04:23 PM

ඇඳිරි නිතිය තද කරන එක නෙවේ කරන්න ඕනා මිනිස්සුන්ට බඩු බෙදන ක්‍රමේ සියලු දෙනාටම ලැබෙනවා දැයි බලන එක. එදා වේල හම්බ කරන මිනිස්සු ටික මැරිලා යයි ආන්ඩුවේ කාර්ය සාධක බලකාය ඒ යට කෑම මල්ලක් දෙනකොට. බඩු සල්ලි දීලා ගන්න පුලුවන් අපි වගේ අයටත් මේ ඇඳිරි නීතිය නිසා බඩු ගෙන්න ගන්න විදියක් නෑ. .. හරිම ශෝක්. පොලිසිය හැමෝවම කූඩුවට දාන්න ගත්තම එක්කෙනෙක් කොවිඩ් තියෙන කෙනෙක් ආවාම කූඩුවට ඇඳිරි නීතිය දැම්මා වගේ 10 ගුනයක් ලෙඩ්ඩු සිටීවි.

:       253       215

chinthakaSaturday, 28 March 2020 03:49 AM

ඉන්දියාව ඇදිරිනීතිය ක්‍රියාත්මක වෙන ආකාරය බලන්න. අන්න එතකොට ඔයාට ‌තේරෙයි රටේ ඇදිරිනීතිය මොන තරම් මානුෂිකද කියලා.

:       0       1

kamani Friday, 27 March 2020 09:00 PM

අපේ පොලිසියටත් අර ඉන්දියාවේ වගේ ලොකු උදලු මිටවල් වගේ දිග පොලු දෙන්න. ඈත ඉඳලාම නීති කඩන අයට ගහන්න පුළුවන් අත දිගහැරලා.

:       0       1

Jayantha Friday, 27 March 2020 10:27 PM

අර ඇදිරි නීතිය කඩපු ඇමතිවත් කුඩුවේ දානවද ?

:       1       0

Kumar Saturday, 28 March 2020 02:52 AM

නීති දමා තිබෙන්නෙ සියලු දෙනාගේ යහපතටයි. වෙන රෝග වගෙ නොවේ එකිනෙකාගේ ගැටීමෙන් මේ රෝගය වැළදෙන්නේ. එම නිසා මේ නීතියට ගරුකරන එක තමයි හොඳ.

:       0       6

Raveendra Saturday, 28 March 2020 03:34 AM

අප තරයේ සිතට ගතයුතුයි මෙම නිලධාරියා කෑ මොරදෙන්නේ තමන්ට ලාබ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන් නොවන බවට. එබැවින් මෙම අවදානම් අවස්ථාවේ අප අපගේ පුරවැසියාගේ යුතුකම්, වගකීම් ඉටුකරමු. අඩුපාඩු දහසක් ඇතිවෙයි නමුත් පළමුව රටේ ජනතාවගේ ආරක්ෂාව මෙම අවස්ථාවේ මුලිකත්වය බැවින් නීතිරීති වලට ගරුකරමින් මෙම ව්‍යසනයෙන් ‌බේරීමට ඒ ඒ අංශවලට අප හැකි පමණින් උදව්කරමු යන්න අපගේ අදහසයි.

:       0       11

dilan Saturday, 28 March 2020 07:21 AM

අනුන්ගේ මගුල් ගැන නොබලා මේ වගේ අවස්ථාවකවත් ජීවිතය ආරක්ෂා කරගන්න උත්සහ ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 230 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 115 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 465 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site