(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා වයිරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පැමිණි පිරිස සිය කනගාටුව ප්‍රකාශ කළහ.
මෙහිදී රැපික් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා පුද්ගලයෝ 85 දෙනෙක් සහ පි.සි.ආර්. පරීක්ෂණ සඳහා පුද්ගලයෝ 17 දෙනෙක් පැමිණ සිටියහ. ඉන් ඇන්ටි පරික්ෂණ සිදු කළ 45කට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.
තම ජීවිත අවතක්සේරු කරමින් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා මෙවැනි ස්ථානයක් තෝරා ගැනීම සුදුසු නොවන බව පැමිණි බොහෝ දෙනක් පැවැසීය.
මේ සම්බන්ධයෙන් කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නන්දනී සෝමරත්න මහත්මියගෙන් කළ විමසීමේදී මෙසේ කීවාය.
ඇත්තටම වෙනත් දිනවල පරීක්ෂණ කටයුතු සිදු කළේ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාල ක්‍රිඩාංගණයේ ,දරුවන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය යැයි පවසා එම ක්‍රීඩාංගනය ඉල්ලා සිටියා
කැස්බෑවේ තිබෙන අනකුත් ක්‍රීඩාංගනවලට දරුවන් බහුතරයක් දෙනා සවසට ක්‍රීඩාවෙ යෙදෙනව. අපගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දී ඉඩපහසුකම් අවම මට්ටමකයි තියෙන්නේ ,එම නිසයි මෙම ස්ථානය තෝරා ගත්තේ .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ඇන්ටිජන් කරන්න කනත්ත තොරා ගෙන
විපරමා Tuesday, 01 February 2022 06:29 PM
සුසාන භූමිය හැරෙන්න වෙන තැනක් තිබුනේම නැතුව ඇති... මොලේ උඩ ඉන්න අයගේ වැඩ ගැන කවර කතාද?
sena Tuesday, 01 February 2022 06:48 PM
ඉතින් ඔයවගේ දේවල් කෙරෙන්නේ ඉස්පිරිතාලවල නේද? සොහොන් පිටිවල විෂබීජ නැද්ද?
අගුපිලගේ Tuesday, 01 February 2022 07:21 PM
මේ ගමේ පංසලක් නැද්ද? නැත්නම් එතැනට ගාස්තු අයකරනවද? පාසලේ පිට්ටනිය දීමට මැලි විදුහල්පති ඇත්තටම කොරෝනා මර්ධනය කිරීමට විරුද්ධව සිටින අයෙක්ද? වෛද්‍යතුමිය කලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට ලොකු පහරක් ගැසීමක්....
fairoos Tuesday, 01 February 2022 07:24 PM
ලංකාවේ විතරයි මේවා..!!!
බද්රානි Tuesday, 01 February 2022 07:50 PM
තුප්පහි ජාතියට නුඹලාගේ මහලොකු පාලකයින් දෙන ගෞරවය තමයි ඔය... පලයල්ලා වල පළලටම..!! අන්න එදාට මේ පින් බිම අයිතිවෙයි පින්වත් ජාතියකට!!!
Sriland Wednesday, 02 February 2022 02:02 AM
ආයෙමත් හදන්නේ සෙම කාරයින්ව හදාගෙන ගිහින් රට වහන්න. මේක පිටුපස ඉන්නේ WMHO සහ ලංකාවේ සෙට්එක... ඒ අයට ඕනෑ බෙහෙත් විකුණා ගැනීමටයි...
lankasri Wednesday, 02 February 2022 02:40 AM
ඕක හැදුණොත් වැඩි දෙනෙක්ට කොහොමත් ඔතෙන්ට එන්න වෙනවා. අනික ඕකෙ ඉන්න අයත් කිසි විරුද්ධත්වයක් නැහැනේ... ඔහේ සුව නින්දේමයි ඉන්නේ.. ඉතින් ඔතන ඇති මහලොකු වරද කුමක්ද...?
Aruna Manipura Wednesday, 02 February 2022 07:50 AM
කණගාටුව, වෛද්‍යවරයකුට පවා මෙවැනි ස්ථානයක නොසුදුසුබව හිතාගැනීමට නොහැකිබව. සාමාන්‍ය දැනුම නොමැති නිලධාරීන්ගේ තරම...!!!
sharm warnWednesday, 02 February 2022 11:10 AM
ඇයි මොකක්ද තියෙන නුසුදුසුකම? මැරෙන්න තියෙන බයටද? අනේ මොනවද බුදුදහමේ කියලා තියෙන්නේ? මම නම් කියන්නේ මේක එක උද්‍යානයක් කියලා විතරයි. අඩුගානේ පිරිසිදු කමවත් තියෙනවා..
Bunny Preena Wednesday, 02 February 2022 08:44 AM
මහජනයාගේ හිතසුව පිණිස කරන කාරිය අගය කරමු...
Rohana Wednesday, 02 February 2022 09:33 AM
කොරෝනාවෙන් ප්‍රවේසම් නොණොවුත් සිදුවන දේ සියැසින්ම දැකබලා ගැනීමට අවස්ථාව සලසා දී පරීක්ෂණ පැවැත්වීම සඳහා මෙවැනි ස්ථානයක් තෝරාගත්තා විය හැකියි...
චමින්ද Wednesday, 02 February 2022 10:58 AM
ඔබේ අදහස නිවැරදියි... මෙයින් කියන්නේ ප්‍රවේසම් නොවුණොත් සිදුවන්නේ කුමක්දැයි කියලා දීමක්...!
amila Wednesday, 02 February 2022 10:28 AM
යන්න කළින් යන තැන බලාගන්න එක කොච්චර හොඳද? කොහොමද අපේ ආණ්ඩුව...?
Sunil Wednesday, 02 February 2022 11:00 AM
පොසිටිව් වුණොත් එතැනම වලදැමිය හැකියි... ඒකයි පහසුව...
Nihal Wednesday, 02 February 2022 12:04 PM
අලුත් දෙයක්...! හරිම සතුටුයි. අපි හැමෝම ස්ථිර පදිංචි වෙන තැනනේ...!
Ruwan R Wednesday, 02 February 2022 12:59 PM
කාගේත් ආරක්ෂාව සලකා ගත්තු නිවැරැදි තීරණයක්... මැරෙන්නෙත් නැති පුහු මාන්නයකින් පෙළෙන අයට මේවත් වැරැදි තමයි..