
(ජේ.ඒ.එල් ජයසිංහ)
කොරෝනා වයිරසය වැළඳී ඇත්දැයි පරික්ෂාවට ලක් කෙරෙන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය තමන්ට සිදු කරන ලෙස සෞඛ්‍ය අංශ වෙත බලපෑම් කරමින් මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින රැඳවියන් 15ක් එහි වහළට නැඟ විරෝධතාවක නිරත වූහ.
කොළඹ සහ මීගමුව බන්ධනාගාරවලින් නිරෝධායනය සඳහා යොමු කළ පිරිස බව ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරියෙක් කියයි.
මෙම රැඳවියන් බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථානට රැගෙන විති දින හතරක් වන බවත් ඔවුන්ගේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ හෝ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම සෞඛ්‍ය අංශ සිදු කළ යුතු බවත් ඒ සඳහා අදාල අංශ දැනුවත් කරන ඇති බවත් බන්ධනාගාර නිලධාරීහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර රැඳෙවියන් සම්බන්ධව විශෞෂ වැඩපිළිවෙළක් අනුගමනය කළ යුතුමයි. විශේෂයෙන්ම රක්ෂිත බන්ධනාගාරවල සිටින්නේ සැකකරුවන්. ඇතැමුන් ඉතාමත් සුළු වැරැදිවලට, එහෙමත් නැතිනම් වෛද්‍ය වාර්තා කැඳවීම්වලට...උදාහරණයක් ලෙස මානසික වෛද්‍ය වාර්තා , ඇබ්බැහිවීමේ වාර්තා ආදිය ඇතැම් අය සුළු ආරාවුල් වලට ඒ අය කෙසේවත් ජීවිතයෙන් වන්දි ගෙවිය යුතු අය නොවේ. දැඩි කොන්දේසි මත වැඩ පිළිවෙළක් සෑදිය යුතුයි. මේ වගේ ස්ථාන පාලනය ඉතාමත් අසීරුයි. මෙවැනි තත්වයකදී..
කොරෝනා පොසිටිව් සෙට් එක... ඕක ඇතුළට දාන්න.
කාපට් පාරක්වත් හදලද මන්දා මේ ඉක්මණට වහලට නගින්න..? අපට අපේ ගෙදර වහලට නගින්න දහඅට සන්නිය නටන්න ඕනේ.. අනේ මන්දා මේ ඉක්මණට කොහොම වහලට නැග්ගද කියලා...