
(අංජුල මහික වීරරත්න)
මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවාවේ සමහර කණ්ඩායම් වල ක්‍රියාකලාපය නිසා ජනතාව තුළ පැහැදීම නැතිවී තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සෞඛ්‍ය සේවාවන් පැය 24 පුරා අඛණ්ඩව මහජනතාවට සේවා සැපයිය යුතු සේවාවක් බවද අමාත්‍යවරයා කීය.
පරිපූරක වෛද්‍ය වෘත්ත්තිකයින් 163 කට උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කරමින් අමාත්‍යවරයා මේ බව කීය.
පරිපූරක වෛද්‍ය වෘත්තීන්හි (Professions Supplementary to Medicine -PSM) සහ ශ්‍රී ලංකා ජාතික රෝහලට අනුබද්ධිත පරිපූරක වෛද්‍ය විද්‍යාලවල (Paramedical schools attached to the National Hospital) පුහුණු පාඨමාලාවන් සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් වෙත උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.
ඒ අනුව මෙරට පරිපූරක වෛද්‍ය වෘත්තීන් හි උපාධිධාරීන්ගේ වෘත්තීය ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් හෘද රෝග විද්‍යාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Cardiography), විද්‍යුත් ස්නායු රෝග විනිශ්චය තාක්ෂණය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Electronurodiagnostic Technology), වෘත්තීය චිකිත්සාව පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Occupational Therapy), විකිරණවේදය පිළිබඳ උසස් ඩිප්ලෝමාව (Higher Diploma in Radiography) යන පාඨමාලා මෙම වසරේ සාර්ථකව නිම කළ උපාධිධාරීන් 163 දෙනෙකුට මෙහිදී උසස් ඩිප්ලෝමා උපාධි ප්‍රදානය කෙරුණි.



2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇතැමුන්ගේ වැඩ නිසා සෞඛ්‍ය ගැන පැහැදීම නැතිවෙලා
Hafiz Thursday, 21 August 2025 04:03 PM
වෙන කවුරුත් නෙවෙයි, IMF කීමට සෞඛ්‍ය ගැන බිල්ලො මවලා කඩාකප්පල් කරන්න හදන්නෙ මේ ගොං ඇමැතියම තමයි. රජයට තියෙන ලොකු බරකිං නිදහස් වෙන්න හිතාගෙන..
Perera Friday, 22 August 2025 06:04 AM
මේ අය වෛද්‍යවරුවන්ද, නැත්නම් භාගෙට වෛද්‍යවරුවන්ද.
Jayasekara Friday, 22 August 2025 09:14 AM
ඔහොම හිනා වෙලා පින්තූර අරගෙන ගෙදර රාමු කරලා එල්ලගෙන ... මහජන බදු මුදලින් උපාධි අරගෙන... එක එක සංගම්වලට බෙදිලා ඒට පස්සේ මහපාරේ වැඩ වර්ජන...