(නිමල කොඩිතුවක්කු)
කොරෝනා වසංගතයට, ආර්ථික අර්බුදයට මුහුන දී රට ශක්තිමත් කරනවා වෙනුවට ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (30) පැවසීය.
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින බවද විපක්ෂ නායකවරයා සදහන් කළේය.
ජනතාවට ඇත්ත හෙලි කරන මාධ්‍යවේදීන්ව, පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවත්ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජනබලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අවස්ථාවේදී ඒ මහතා සමඟ එම ස්ථානයට පැමිණ විපක්ෂ නායකවරයා මාධ්‍ය හමුවේ මේ බව පැවසීය.
මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරැණාතිලක, හර්ෂ ද සිල්වා, මුජුබර් රහුමාන්, එස්. එම්. මරික්කාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර චමින්ද මන්ත්‍රීතුමා කියපු කතාව ඇත්තම තමා...
මාධ්‍යවේදීන් සී.අයි.ඩී එකට ගෙවන්න කිව්වේ ඇත්තද කියලා බලාගන්න. මොකද රජයට විරුද්ධව මඩ ප්‍රචාර දෙන අයත් ඉන්නවා.