IMG-LOGO

ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක්

(යොහාන් භාසුර)

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියර (ඇතුගල්පුර පිවිසුම) විවෘත කිරීමෙන් පළමු මාසය තුළ රථවාහන ලක්ෂ 5 කට අධික සංඛ්‍යාවක් ධාවනය කර ඉන් කෝටි 10 කට අධික ආදායමක් උපායා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනවාරි මස 16 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා අතර කාලය තුළ රථවාහන 510,670 ක් එම මාර්ගයේ ධාවනය කර ඇති අතර එම රථවාහන ධාවනයෙන් රුපියල් 109,659,600.00 ක ආදායමක් උපයා ගැනීමට හැකි වී ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස පසුගිය ජනවාරි මස 15 වැනිදා ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව පළමු පැය 12 තුළ ජනතාවට නොමිලේ පාවිච්චි කිරීමට අවස්ථාව ලබාදුන් බවත් ජනවාරි මස 16 වැනි දින මධ්‍යහන 12.00 පසුව මුදල් අය කිරීම ආරම්භ කළ බවත් අමාත්‍යවරයා කීය.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානවල මෙම මාර්ග කොටසේ අන්තර්හුවමාරු පිහිටා තිබේ.

මෙම මාර්ගයේ ආදායමෙන් සියයට 100 ක්ම රජයට හිමිවේ.



අදහස් (4)

ඇතුගල්පුර පිවිසුමෙන් කෝටි 10ක ආදායමක්

Wasantha Wednesday, 23 February 2022 05:58 PM

ආදායම කෝටි ගණනක් වුණාට ඒක අයිති ලංකාවටද? ඔය ආදායමෙන් නියමිත ණයවාරික ගෙවනවාද?

:       5       71

Waleboda Wednesday, 23 February 2022 06:08 PM

ජොන්ස්ටන් වැඩක් කළොත් සුපිරිම තමයි. උගත්, බුද්ධිමත් ඇමැති කෙනෙක්...

:       64       8

Jaya Wednesday, 23 February 2022 08:10 PM

අවුරුද්දක නඩත්තු වියදම කෝටි 2000ක් කියලා කොහේහරි දැක්කා. දන්න කෙනෙක් සනාථ කරන්න පුළුවන්ද? 

:       4       5

සෙනෙවිරත්න Friday, 25 February 2022 06:22 PM

ඩොලර් වලින් ණය අරගෙන වැඩි කොටසක් යටමඩි ගහල, අච්චු ගහපු රුපියල් එකතු කලාට වැඩක් තියෙනවාද? ඕවායේ වාරිික ගෙවන්න ඩොලර් හම්බ කරන්නේ ඇඟලුම් කෙල්ලො, කොල්ලොයි... පිටරට වැඩ කරන අහිංසක මිනිස්සුයි. ඕකේ ගිහින් කතරගම, දළදාව වැන්දාට රටට වැඩක් තියෙනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site