
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සියඹලාගස්වැව ප්‍රදේශ පදිංචි තිදරු පියෙකු අද(02 ) උදෑසන ඇතේකුගේ ප්‍රහාරයට ලක්ව මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ හෙට්ටිපතිරණලාගේ නයිදෙහාමිලාගේ රංබංඩා නැමති 65 හැවිරිදි ගොවිතැනින්න ජීවත් වු අයකු බව කියයි.
උදෑසන 6.30 ට පමණ නිවසේ සිට තම සොහොයුරාගේ නිවස වෙත ගමන් කරමින් සිටියදී පසුපසින් කඩා වැදුන ඇතා පහර දී එම ස්ථානයෙදීම මරා දමා තිබු බව පොලිසිය කියයි. සියඹලගස්වැව ජනතාව පවසන්නේ මෙම ඇතා මෙයට පෙරද ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හා කජුවත් ප්‍රදේශයෙදී ද මෙලෙසම දෙදෙනෙකු මරා දමා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු වගේද අපේ ජාතික වස්තුව. ඇතාට මොකුත් කරනවා එහෙම නොවෙයි. මිනිස්සු අඩුවෙන එක රටට හොඳයි. ඇත්තු වැඩි කර ගන්න ඕනෑ. මේ ගැන මාලිමා රජයේ ආකල්පය ගැන හරි සතුටුයි...
ඇතාගෙ බොස්, ඇතා කරපු දේවල් වහගන්න සාක්කි හංගනවා වගේ.
පව් අනේ අලියා.
මහ ලොකු දෙවල් ඕනෑ නැහැ. මේ දුප්පත් මිනිසුන් වල් අලින් ගෙන් බේරලා දෙන්න එක රජ්‍යයක් කළ යුතුයි...! අප්‍රිකානු රටවල් ගුවන් හමුදා මගින් සොයා බලනවා... රේඩාර් මගින් අලින් ගැන හොයන්න බෙල්ට් දානවා. ලන්කාවේ වනජීවි එකට අලින් එහා මෙහා යන එන දත්ත බලන්න ඉලොක්ට්‍රෝනික් ක්‍රම හදලා... අහින්සක ජීවිත රකින්න...
හැම එකාගෙම කයිවාරුව නම් ලොකුවට තියෙනවා. හැබැයි මහ පොලෝවේ මිනිසුන්ට ආරක්ෂාකාරීව ජීවත් වෙන්න කිසිම දෙයක් කෙරෙන්නේ නෑ.