
(ආරියරත්න රණබාහු)
ඇඟළුම් අපනයන ආදායම අඩුවෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 31 වැනි දා නිකුත් කළ මෙම වසරේ පෙබරවාරි මාසයට අදාල විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය දැක්වෙන වාර්තාවේ මේ බව සඳහන් වී ඇත.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ඇඟළුම් අපනයන ආදායම ඩොලර් මිලියන 496.4ක්ව තිබූ අතර මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය ඩොලර් මිලියන 431.3 දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.
2022 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාස දෙකේදී ඇඟළුම් අපනයනයන්හි ඩොලර් මිලියන 1012.5ක් උපයා ගෙන ඇති අතර එම තත්ත්වය මෙම වසරේ මුල් මාස දෙකේදී සියයට 15.5කින් අඩුවී ඇති බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලක ගෝල බාලයෝ ඕමාන් ආයෝජකයාට පහර දීලා- වාඩි වෙයි නේද?
ඔව් ඉතින් විපක්ෂයේ නායකගේ පියා කරපුදේ නිසාත් ඒවා ආරම්භ කරද්දී සුද්දන්ට ජංගි මහනවා කියපු මිනිස්සු ආණ්ඩුව කිරීමත් නිසා එහෙම නොකර පුලුවන්ද කොහොම හරි ඇගලුම් කම්හල් ටිකත් වහලම දාපල්ලා