(ඉන්දිකා රාමනායක)

එරාවුර් සව්කඩේ  ප්‍රදේශයේ දී  සැමියා විසින් බිරිදට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇති බව එරාවුර් පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ (36) හැවිරිදි  කාන්තාවක් බවද පොලිසිය කියයි.

මොවුන් දෙදෙනා අතර කාලයක පටන් ආරවුල් පවතින බව ට පොලීසියට තොරතුරු  ලැබී ඇතැයි පොලීසිය කියයි.

එමෙන්ම ඊයේ (30) පස්වරුවේ දෙදෙනා අතර ඇති වු ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් බිරිඳට තියුණූ ආයුධයකින පහර දී   ඇති බවත්, සිද්ධියෙන් බරපතල තුවාල ලැබු ඇය එරාවුර් රෝහල වෙත ඇතුළත් තිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලීසිය කියයි.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.