දේශපාලන අවිනිශ්චිත බව රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බැවින් සියලු පක්ෂ එක්ව වත්මන් අර්බුදය විසඳාගන්නැයි වාණිජ මණ්ඩල කිහිපයක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.
වත්මන් දේශපාලන අර්බුදය කඩිනමින් විසඳා නොගතහොත් එය රටේ ආර්ථිකයට අහිතකර ප්‍රතිවිපාක රැසක් අත්පත් කරදෙනු ඇති බවත් වත්මන් දේශාපලන අවිනිශ්චිතතාව කිසිසේත්ම රටේ ආර්ථිකයට හිතකර නොවන බවත් එම වාණිජ මණ්ඩල පෙන්වාදෙති.
ඒකාබද්ධ වාණිජ මණ්ඩල නිවේදනයේ මෙසේ ද දැක්වේ.
“ස්ථාපිත ව්‍යවස්ථානුකූල ආයතන මගින් මෙම අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විසඳාගන්නා ලෙස අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. නීතිය හා සාමය පවත්වාගෙන යන ලෙසත් රටේ පුරවැසියන්ගේ ජීවිතවලට සහ දේපළවලට තිබෙන අවදානම ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් අපි සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිමු. අපේ රටේ, රටේ ජනතාවගේ සහ ජාතික ආර්ථිකයේ යහපත උදෙසා සියලු පක්ෂ කටයුතු කළ බව ද සිහිපත් කරන්නෙමු”.
ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත මණ්ඩලවල සම්මේලනය, ජාතික වාණිජ හා කර්මාන්ත මණ්ඩලය, ජාතික වාණිජ මණ්ඩලය, තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලය, අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය, ශ්‍රී ලංකා ඇඟළුම්කරුවන් (ජේ.ඒ.ඒ.එෆ්.) සහ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය එක්ව එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්දයි, මෛත්‍රියි වැඩබාරගත්තේ පැල හිටවලා එ්කේ ඵලදාව ඉක්මනට ලැබිලා ආර්ථිකය ශක්තිමත් වෙයි. ආර්ථිකය කඩන් වැටිලා මිනිස්සු දුක් වින්දට ප්‍රශ්නයක් නැහැ. පුටුව රැක ගන්නයි මෙයාලට ඕනෑ... ඊට පස්සේ තරගෙට රටවල්වලට යයි. ණයට ගන්න. හිස් අතින් එන්නවෙන්නේ. කවුරුත් උදව් කරන්නේ නැහැ...
මේවා අට සමත් අයට තේරුම් ගන්න අමාරුයි.. කොළඹට රැලිවලින් සෙනඟ අාවාම හරි කියලා හිතාගෙන ඇති... ව්‍යවස්ථාව වෙනස් කරලා රටේ උගත් ජනයාට පමණක් දේශපාලනයට අවස්ථාව ලබාදිය යුතුයි...
රටේ ආර්ථිකයට හෙන ගැහුවම මොකද අපේ බඩ රැකෙනවානම් කුට්ටිය ලැබෙනවානම් නේද?