
(දයාරත්න ඇඹෝගම)
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විශාල වංචා හා දුෂණ සහිත කැලයක් බවත් ඒවා ක්‍රමානුකූලව නිරවුල් කරගෙන ඉදිරියට යාමට පියවර ගන්නා බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවැසීය.
ඔහු මෙසේ පැවැසුවේ අනුරධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ අනුරාධපුර දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රවාහන කේෂත්‍රයේ ගැටලු සහ ඉදිරියේදී සංවර්ධනය විය යුතු කටයුතු පිළිබදව මෙහි දී සාකච්ජාවට ලක්විය.
ප්‍රවාහන හා මාර්ග කටයුතු සම්බන්ධයෙන් සංවර්ධන කටයුතු පහසු කිරීම හා නිසියාකාර කිරීම උදෙසා වන දිස්ත්‍රික් කමිටුවක් පිහිටුවීම ද මෙහිදී සිදු කෙරිණි. එහි සභාපතිවරයා ලෙස ජාතික ජනබල වේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පත් කෙරිණි.
මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.
කැබිනට් මණ්ඩලයේ එකගතාවක් මත ප්‍රාදේශීය වශයෙන් ජන ජීවිතයට බලපාන අමාත්‍යාංශවල දිස්ත්‍රික් මට්ටමෙන් කමිටු පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව අප අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් කමිටු රැස්වීම අද (01) දින පැවැත්වුණා. අනුරාධපුර මල්වතු ඔය පාලම පටුයි. එම නිසා අද එම පාලම වැඩි දියුණු කිරීමටත් මාර්ගය අලුත්වැඩියා කිරීමටත් මුදල් ලබාදීමත් කළා. ඒ වගේම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් රුපියල් මිලියන 250ක් වෙන් කළා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුලින්ම ඔබතුමාගේ අදහස නිවැරැදි බව කියන්න ඕනේ, නමුත් මම ඕක දන්නේ දැනට වසර 30-40 කට පමණ පෙර සිට, ගිය සතියේ මම vedio එකක් දැක්කා ඔබතුමා රියැදුරු බලපත් නිකුත් කරන ස්ථානයකට ගිහිල්ලා ඔවුන් වැඩ කරන ආකාරය නිරීක්ෂණය කරලා රියදුරු බලපත්රේ අලුත් කරන්න ගතවුනේ විනාඩි 7 බවත් වැඩ කරන ආකාරය ගැන සතුටු වෙන බවත් කියනවා. නමුත් එකවර අදහස වෙනස් වුනේ මොකද....?
ඔබ හරි , නමුත් මේ අල්ලස් ප්‍රශ්නෙට යම් කිසි සැලැස්මක් ඔබට තිබෙනවාද? මේ සැලැස්ම අනුව ඉදිරි වසර 4 ඇතුළත මේ ප්‍රශ්නේ නිට්ටාවටම විසදන්න පුළුවන්ද?
යම්කිසි දෙයක් නියම වටිනාකම වගේ කිහිපගුණයක් මිලකට විකිනෙනකොට, බොහෝ දෙනා ඒ දෙය ගන්න බලා ඉන්නකොට කළු කඩ වෙළඳාම හෙවත් දූෂණ සඳහා මග පෑදෙනවා. මම අද උදේ රෙඩිට් හි වීඩියෝ එකක් දැක්කා කොහේ හරි රටක ජලගැල්මක් නිසා වේලි කඩාගෙන ගිහින් වගාවක් යටවී තිබෙනවා, එම වගාව අයත් ගොවියා වගාව බේරාගන්න තමන්ගේ ට්‍රක් රථ (ලංකාවේ ඩබල් කැබ් රථ) දෙකකට පස් පුරවලා කැඩුණු වේල්ල වහන්න තල්ලු කර දමනවා. ඔවුන්ට වගාව අර රථයට වඩා වටිනවා. ලංකාවේ ගොවියෙක්ට එහෙම කරන්න පුළුවන්ද?
අනිවාර්යෙන්ම වෙන්න ඕන දෙයක්. මම ලයිසන් ගන්න ගියා ලර්නර්ස් එකකට. මගේ කන්ඩායමේ හිටියා ලියන්න, කියවන්න දන්නේ නැති දෙන්නක්... අපි ඔක්කෝම එකට ලිව්වේ... ඔවුන්දෙන්නත් පාස්. මොකද උත්තර පත්‍රය ලැබුණානේ සතියකට කලින්. ඉළගට ගියා ට්‍රයල්. වාහනේ අරගෙන යන්න දුන්නු මීටර් සීයක් වගේ. පාස් එකාගෙන් රුපියල් 5000. එහෙම වෙලා දුන්නු ටෙම්පරිය. ඒක මාස 18ක් ගියා එන්න ඔරිජිනල්. මේ අතරේ මගේ අයියා ගියා එක දවසක් කොළඹ. ගෙදර ආවේ ඔරිජිනල් ලයිසන් එක අරගෙන. මුලු වියදම 10,000. ට්‍රයල් නැත. විභාග නැත. වැඩේ හරියට කරන්න හදපු මගේ වියදම රු35,000...
හරි දැන් අපි යන්නම්... ඕක සුද්ද කරන්න ඔයාලා කොහොමත් දන්නේ කියව කියවා ඉන්න විතරයිනේ... මොන බම්බුවකටද ඡන්දෙ දුන්නද මන්දා. ඇවිල්ලා අවුරුද්දක්... තාම නහයෙන් අඩනවා.
අති බහුතරය ඇමතිගේ පක්‍ෂේ සාමාජිකයෝ..