(සුජිත් හේවාජුලිගේ)
කොළඹින් පිට ආයෝජන කලාපවල සේවකයන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීම යුද හමුදාවේ වෛද්‍ය බළකායේ නිලධාරීන් විසින් අද (25) ආරම්භ කරනු ලැබූ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව මුලතිව් කිලිනොච්චිය ඇතුළු උතුරු නැගෙනහිර ප්‍රදේශවල ආයෝජන කලාපයන්හි සේවක සේවිකාවන්ටද කොග්ගල හා සීතාවක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද එන්නත් ලබාදීම ඊයේ ඇරඹූ බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
කටුනායක ආයෝජන කලාපවල සේවක සේවිකාවන්ටද කොරෝනා මර්දන එන්නත් ලබාදීම ඉදිරියේදී අරඹන බව පැවසූ ශවේන්ද්‍ර සිල්වා මහතා ආයෝජන කලාපයන්හි කොරෝනා අවදානම වැළැක්වීම මෙම එන්නත්කරණයේ අරමුණ බවද සඳහන් කළේය .
මේ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍ය බලකායේ කණ්ඩායම් කිහිපයක්ම ඉහත ප්‍රදේශවලට ඊයේ පිටත්ව ගොස් සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියයට සියයක්‌ම මේ වනවිට කෙරී ඇත්තේ පාක්ෂිකයින්ට විතරයි කියලා දන්නවා ඇතිනේ.. මේකවත් සාධාරණ ලෙස කරන්න..