(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
කෝවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුවීමත් සමග ආයෝජන කලාප වල සේවකයන්ගේ ඉහලම පැමිණීම මේ සතියේ වාර්තාවී ඇතැයි ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහතා කියයි.
පසුගිය බදාදා වන විට සමස්ථ සේවක පැමිණිම සියයට 80කට වැඩි ඉහළ අගයක පැවතුණ අතර එය මෙම වසරේ වාර්තා වූ ඉහලම අගය බව සභාපතිවරයා කියයි.
සියළුම ආයෝජන කලාප එන්නත් කරණය කිරීම, සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව ආයතන පවත්වාගෙන යාම හා සේවක ආරක්ෂාව ප්‍රමුඛ ලෙස සැලකිම ආදී කරුණු මීට හේතු වී ඇතැයිද මොහොට්ටාල මහතා පවසයි.
රජය එන්නත්කරණ වැඩ පිළිවල ක්‍රියාවට නැංවීමේදී සේවකයිනට ප්‍රමුඛත්වය ලබා දීමත් සමග සියළුම ආයෝජන කලාප තුල පළමු මාත්‍රාව එන්නත් කරණය සිදු කර ඇත.
පළමු මාත්‍රාව ලබා දුන් අනු පිළිවෙලට ක්‍රමවත්ව හා කඩිනමින් දෙවන මාත්‍රාව ලබා දීමටද පියවර ගෙන ඇත. මේ වනවිට කටුනායක,බියගම,පල්ලෙකැලේ හා කොග්ගල කලාප තුල දෙවන මාත්‍රාවද ලබා දී අවසන් බවද සභාපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමාගේ තවත් විශිෂ්ඨ ක්‍රියාවක ප්‍රතිඵල. කවුරු මොනවා කීවත් මේ රට හදන්න පුළුවන් රාජපක්ෂවරුන්ට පමණි...