
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
ආනවිළුන්දාව රැම්සා අභය භුමිය ඩෝසර් කිරිමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වි ඇති ප්‍රබල දේශපාලනඥයකුගේ සහෝදරයා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් කිපයක් යොදාවා ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා පවසයි.
මේ වන විට බන්ධනාගාර ගත කර සිටින මෙම රැම්සා තෙත් බිම ඩෝසර් කිරිමට සම්බන්ධ ව්‍යාපාරිකයා විසින් පොලිසියට කර ඇති පාපොච්චාරණය අනුව අදාල සිද්ධියට ආධාර අනුබල දිමේ චෝදනාවට මෙම ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව කියයි.
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් පිංකට්ටිය කාසන්තිව් ප්‍රදේශයේ බිමක් පසුගිය 25 දින රාත්‍රියේ හා පසුදින පැය 10 කට ආසන්න කාලයක් ඩෝසර් යන්ත්‍රයක් යොදා ගනිමින් ඉස්සන් ටැංකි සකසා තිබු බව කියයි.
මෙම සිද්ධියට මේ වන විට ඩෝසර් යන්ත්‍ර ක්‍රියාකරු හා පොකුණු ඉස්සන් වගාවන් සිදුකරන ව්‍යාපාරිකයකු බන්ධනාගාර ගත කර සිටි.
එම ඩෝසර් කිරිමට මේ වන විට පොලිසිය විසින් අත් අඩංගුවට ගැනිමට නියමිත ප්‍රබල දේශපාලඥයාගේ සොහොයුරා ප්‍රදේශයෙන් නොමැති බව අදාල සැකකරුගේ නිවසට ගිය පොලිස් කණ්ඩායම් පවසයි.
කෙසේ වෙතත් මෙම සැකකරු සොයා පොලිස් බුද්ධි අංශ ඇතුළු බුද්ධි අංශ ගනනාවක් විමර්ශන අරඹා ඇති බව කියයි. මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු නියෝජ්‍ය පොලිස් පතිවරයා පවසා සිටියේ අදාල සැකකරු ඉදිරි දින කිපය තුළ පොලිසිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුණෑගල සිංදුවම වගේ... පොලිසිය නැහැයි කියපු නගරාධිපතිට වරෙන්තුවක් නිකුත් කරලත් හොයා ගන්න බැරි වුණාට, අභියාචනාධිකරණයේ තීන්දුව දවසේ අගේට උසාවියට ඇවිල්ලා හිටියා. ඒ මොකද කිව්වා නම් තීන්දුව තමන්ට වාසිදායක බව කලින්ම දන්නා නිසා...
ප්‍රබල දේශපාලකයාගේ නම දාන්න බැරිද?
සහෝදරයා විතරද?. දේශපාලකයින් සම්බන්ධ නැත්ද?
තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදෙන්න. අප බලාපොරොත්තු වූ වෙනස එයයි.
වැඩි මනාපයෙන් පාර්ලිමේන්තු යැව්වෝ... ඉතින් තාම දවස් 2යි දිවුරුම් දීලා... තවම පටන්ගත්තේ නැහැ.
ඔට්ටුයි බැරුවට... මේ වගේ අය අල්ලන්න යනකොට පොලිසිය බොහෝම නිද්‍රාශීලියි..
ඔයාව එලවන්න කියලා කිව්වට පුත්තලමෙ ඉතුරු අය ඇහුවෙ නෑ, ඔය තියෙන්නෙ දැන් හත්පොලේම ගාගෙන
අල්ලයි මේං කියලා...
මෙ සංශෝධනයට නමක් නැද්ද? හරියට මෙ නම කිව්වොත් අපි හොයලා දෙන්නම්. මොකද? පොලිසියට ඔය වැඩෙ කරන්න බැහැ.
අපේ මෙවැනි පාරිසරික සම්පත් ම්ලේච්ඡ ලෙස කෙලෙසමින් ඔක්සිජන් කන්නටද කියා අසන පා.ම. ගේ නුගත් හෙන්චයියන් සහ ඔවුන්ගේ ම්ලේච්ඡ සහෝදරයින් එම පා.ම.ගේ අනුදනුමෙන් හා ආශිර්වාදයෙන් සිදු කලාවු මෙම විනාශය සම්බන්දව ඔවුන් සියලුම දෙනාට පොදුවේ නීතිය ක්‍රියාත්මක කර එම මන්ත්‍රිව මන්ත්‍රී ධුරයෙන් නෙරපා හරිනුද කියා අපි විමසිලිමත්ව බලා සිටිමු.
මෙ මිනිස්සුන්ගේ නම හෙළිකරන්න බිය වන්නේ ඇයි? ඒ අයටත් තියෙන්නේ ඉතිරි ඉඩම් කොටසේ තෘණ වගාව හෝ ඉස්සන් වගාව කර අනාගත බඩවියත සලසා ගැනීමයි. ඔන්න ඔකයි තත්වෙ...
ඡන්දයක් ළංවෙනකොට දේශපාලකයින්ගේ නමයි, රූපයයිපෝස්ටර්වල ගහලා තාප්පවල ගස්සලා ගහන්න හොද නම් මෙවගේ අවස්ථාවකදී ප්‍රබල දේශපාලකයෙක් කියලා කියන්නේ නැතිව නම කියන්න බැරිම නම් මුකුත්ම විස්තරයක් නොකියන එකයි හොද...
විල්පත්තු ගිය සෙට් සිංහරාජේ, රැම්සා එහෙමත් ගියානම් නේද හොඳ?
ගොන්පාට් නොදා එයාව ඇරෙස්ට් කරලා රටට හෙළි කරන්න.
රටට විනාශයක් විතරක් නෙමේ... මේක ගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රතිපත්තිවලටත් එරෙහිව සිදු කරපු අකටයුත්තක්.. මේ වලින් හෑල්ලුවට ලක්වෙන්නේ ජනපතිතුමන් ගැන ජනතාව තබා තිබුණු විශ්වාසය... දිගින් දිගටම මැති ඇමතිවරු මෙහෙම අකටයුතුකම්වලට තම ආශීර්වාදය පලකරන්න ගත්තොත් ජනතාව ටික ටික මේ රජයෙනුත් ඈත් වෙයි. වැරදි කරුවන්ට මොනතරම් දඬුවම් දුන්නත් වුණු විනාශය ආයෙ නිවැරදි කරන්න කවදාවත් බැරි වෙයි. හැමෝටම පාඩමක් ඉගෙන ගන්න පරිසරයට මේ විනාශය අත්කර දුන්නු හැමෝටම නිසිදඬුවම් ලබාදෙන්න.
ටකරන් ටිකක් බෙදාදෙන උත්සවයකට ආවාම නම් දේශමාමක, දේශහිතෛශී වගේ ගරු නම්බු නාම පළකරන්න පුළුවන්. හැබැයි මේ වගේ එකකට බෑ...
දුප්පත් අහිංසකයෙක් පොල් ගෙඩියක් හොරකම් කරලා හරි... කෙසෙල් කැනක් කපලා වැනි හොරකමක් කරලා හරි පොලිසියෙන් කට්ටි පැන පැන හිටියාම.. අපේ රටේ මහා බලවත් පොලිසිය කරන්නේ කුමක්ද...? අර අහිංසකයාගේ ගෙදර ඉන්න ගෑනිව හරි, සහෝදරයෙක් එහෙමත් නැතිනම් වයසක පියාව කුදලාගෙන පොලිසියට අරගෙන ගිහින් කූඩුවට දානවා. ඉතින් මේ මහා බලපරාක්‍රමයෙන් විරාජ මානවූ පොලිසියට බැරි ඇයි ඔය කියන කට්ටිපැනපු හොරාගේ බිරියව අල්ලාගෙන ගිහින් පොලිසියේ කුඩුවේ දමන්න ..? ජොබ් එක ගහලා යයි කියලා පොලිසියේ ලොක්කෝ බයද..? කුරුණෑගල පොලිසිය විතරක් නොවෙයි, පුත්තලමේ පොලිසියත් දියවන්නාවේ ඉන්න හොරුන්ට බයවෙලා.. පොලිසියේ නිලධාරීන් අමතක නොකළ යුතුයි. ඔවුන්ගේ වැටුප ගෙවන්නේ දේශපාලුවන් නොව මහජනයා බව. ඒ මහජනතාවට සේවය කිරීම සඳහායි. එහෙම නැතිව දේශපාලුවන් ආරක්ෂා කිරීමට නොවේ..
සිංහරාජෙට ගිහින් බැලුවා වගේ ජනාධිපතිතුමාට කරන්න තිබෙන්නේ මෙතනට ගිහින් බලලා පරිසරයට කිසිම හානියක් නැහැ කියලා කියන එක විතරයි. ඔක්කොම ප්‍රශ්න ඉවරයි.
රෝම කූපයක්වත් අල්ලන්නේ නැහැ..
අපි කිව්වා හරි.. ඔක්සිජන් කාරයා මේකට කොහෙන් හෝ සම්බන්ධ බව.
තවත් මර්වින් සිල්වලා පිරිසක් අලුත් ආණ්ඩුවේ දැන්ම මෙහෙම හැසිරෙනවා නම්, මොවුන් මෙල්ල කිරීමට ජනාධිපතිවරයා කඩිනම් පියවර නොගත්තොත් ඇමතිලා වැඩ අනාවි. එහෙම වුණොත් ආණ්ඩුවට සහාය දුන් අය ඊට එරෙහිව ප්‍රසිද්ධියේ එරෙහිවන කාලය එතරම් ඈතක නොවේ.
පහුගිය ආණ්ඩුව පාස්කු බෝම්බකරුවන් දාස්ගාණක් සතියෙන් හොයා ගත්තත්, මේ ආණ්ඩුව ලංකාවේ වටින ඉඩම් කොල්ලකන අය අල්ලගන්න මෙච්චර දඟලනවා. කාට කියන්නද? ඡන්දය දීපු ලක්ෂ 69ට දැන් සනීපද?
කවුරු ආවත් එකයි.. ජවිපය එකම එන්න ඕනෑ... මේක හදලා ගන්න.. එක්කෝ හදයි. නැතිනම් නැතිම වෙයි.
කැහි ගෑණිව ගත්තත්, හොටු ගෑණිව ගත්තත් අන්තිමට බන්ධනාගාර රෝහලෙන් තමයි නතරවෙන්නේ..
පොල් හොරෙක්, හරක් හොරෙක් නම් දනී දවසෙන් දෙකෙන් අල්ලගන්න හැටි...
ඇයි වියත්මග අතරමංවෙලා ඉන්නේ..? නූගත් දේශපාලු නිවටයින් නේද ඉන්නේ? මේවා ඔක්කොම බලපුළුවන්කාරකම් තමයි.
රංගගේ සහෝදරයෙක් වෙන්න ඇති.., වෙන කවුද ඔයවගේ මගඩි වැඩ කරන්නේ?
ඒ විරුවාගේ රෝමකූපයකටවත් අත තිබ්බොත් බලාගෙනයි. හෙට ලොක්කා ආනවිළුන්දාවේ සංචාරය කර.., කටින් පරිසරය සංරක්ෂණය කර දේශීය ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඉතිරි බිම් කොටසුත් ඉස්සෝ පොකිරිස්සන් වගාව සඳහා අවසර දෙනු ඇත. ඉස්සෝ සහ පොකිරිස්සෝ මිනිස්සුන්ගේ කටට යන තෙක් අපට ජීවිතය දුන් නායකයා යයි කියා සතුටු වනු ඇත.
බයියන්ට අනුව මේවා සුළු වැරදි. විල්පත්තුව මතක් කරගෙන මැරෙන්න දඟලපු අය.... හොයාගන්නත් නෑ දැන්..
පොලීසිය අර මීගමුව බන්ධනාගාර අධිකාරි අල්ලපු විදිහටද අල්ලන්න හිතන් ඉන්නේ?