
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආනවිළුන්දාව රැම්සා අභය භුමියේ ඇතිවු ගිනි ගැනිමකින් අක්කර දෙකකට ආසන්න භුමියක් විනාශ වි ඇති බව වනජීවි නිළධාරීන් පවසයි.
කිසිවකු විසින් මෙලෙස ගිනි තැබිම කර ඇති බවට සනාථ වන බවත් පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ආනවිළුන්දාවේ තෘණ බිම් මේ වනවිට සම්පුර්ණයෙන්ම මැරී යාම නිසා ගින්න කඩිනමින් පැතිරි යාම සිදුව ඇති බවද වනජීවි නිළධාරීන් පවසයි.
ගිනි ගැනිම වාර්තා විමත් සමග එම ස්ථානයට ගිනි නිවන ඒකක පැමින තිබු නමුත් ආනවිළුන්දාව මායිමේන් ගමන් කරනු ලබන දුම්රිය මාර්ගය හේතුවෙන් ගිනි නිවන රථ හෝ බවුසර් අභය භුමිය තුළට ගැනිමට හැකියාවක් නොමැති විම නිසා වනජීවි නිළධාරීන් හා තවත් පිරිසක් එක්වි මහත් පරිශ්‍රයක් දරමින් ගින්න නිවා දැමිමට කටයුතු කර තිබුණි.
පවතින වියළි කාළගුණය හමුවේ මෙලෙස රැම්සා තෙත් බිම ආරක්ෂා කර ගැනිමට සියලු දෙනා උදව් කරන ලෙසත් මෙම අභය භුමිය ආසන්නයෙ හෝ වෙනත් ස්ථානයක ගිනි තැබිම් නොකරන ලෙසත් වනජීවි නිළධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නට විය.
යම් කිසි හේතුවකින් ගිනි ගැනිම් නැවත නැවත සිදුවුවහොත් රැම්සා අභය භුමියෙ සැරිසරන කුරුල්ලන් ඇතුළු සතුන්ගේ කුඩූ හා බිජූ දැමු ස්ථාන විනාශ විම සිදුවන බවත් ඒ ගැන දැඩි අවධානය යොමු කර ගිනි තබන්නන් පිළිබදව නිසි අවධානය යොමු කරන ලෙසට ද වනජීවි නිළධාරීන් ඉල්ලා සිටින්නට විය.

2025 ඔක්තෝබර් මස 08
1890
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1516
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
531
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ආනවිලුන්දාව රැම්සා භූමියේ ගින්නක්