(යොහාන් භාසුර)
සහල් හිඟයට පිළියමක් ලෙස රජය ආනයන කරන පළමු සහල් තොගය හෙට (11) ශ්‍රී ලංකාවට ළගාවන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
මෙම සහල් කිලෝවක් රුපියල් සියයට අඩුවෙන් ජනතාවට සැපයීමට කටයුතු කරන බවත් සතොස හරහා එය ඉටුකරන බවත් බන්දුල ගුණවර්ධන මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් එක කීයද.? අලුත් ඔෆිස් එක නම් මාසෙට මිලියන 9 ක් නේද .හොඳා හොඳා. කන්නකෝ තමුන්ලා මොනවා කලත් දැන් නැට්ටේ ඉඳන් ගොම කියල දන්නවා.
පොහොර නැතිකමින් ගොවිතැන නොකරන තත්වයක් යටතේ චීන සහල් රබර් ගිවිසුම කාලයේ මෙන් සිරි ලංකාවෙ ජනයාට කන්න සහල් පිටරටින් එනතුරු මුහුදට දත නියවීමට සිදුවන බව නම් පැහැදිලිය.
මෙයිනුත් පහර වදින්නේ අසරණ ගොවි ජනතාවටයි. මෑත කාලේදී සාමාන්‍ය ජනතාවගේ අවශ්‍යතා සපුරන්න සහල් ආනයනය කළේ නැහැ. දැන් ඒකත් ලැජ්ජා නැතිව පිටරටින් ගෙන්වනවා. මොන ජරාවක් ගෙනෙයිද මන්දා...? කොහොම වුණත් මේවා නම් රසායනික පොහොර යොදා නිපදවූ සහල්... අන්තිමේදී මේ සෙල්ලමෙනුත් මෝල් හිමියන් දිනයි.
කොහොමද අපේ සර්ගේ කෘෂිකර්මාන්තය නගා සිටුවන වැඩ... දැන් සැපද?
දැන් අහන්න එපා... මේ ආණ්ඩුව මොනවද රටට කලේ කියලා? 100 ට අඩුවෙන් දෙන්න ඇමතිතුමෝ මෝල් කාරයාට කෙළවෙලා යන්න. පොහොර ගෙන්වන විනිමයෙන් සහල් ගෙන්වමු. ජය වේවා! මෝල් කාරයෝ භංගවේවා!
ඔන්න ළඟදී හාල් පෝලිමක් බලන්න පුළුවන්.. හාල්පාරුවන්ට රට බාරදුන්නොත් පෝළිම් තමයි.
ඇයි, එහෙම කියන්නේ...? මේ ආණ්ඩුවනේ සෞභාග්‍යයේ දැක්මට යමින් හොඳටම කළේ. සුදු ළූණුවලටත් වාසි ඇති. මේවා කාබනික පොහොරවලින් වගා කළ සහල්..
ඔයා එක්කම වෙළඳ ඇමැති කෙනෙකුත් පිටරටකින් ගෙන්න ගත්තොත් හොඳයි නේද?
කරුණාකර දැන්වත් විකාර නවත්වලා ගොවියාට අවශ්‍ය පොහොර ටික සපයලා දෙන්න. එහෙම නොකළොත් ඩඩ්ලිලා පිටරටින් එන සහල් තොග සියල්ලම මිලට අරන් සහල් මිල නැවත ඔසවලා දමාවි..
මෝල් කාරයන්, ගොවියන් ඔක්කොම එකතුවෙලා තමයි ගියසැරේ මාෆියාව ගොඩදාලා දුන්නේ.... 30-35ට ඔය මෝල් කාරයෝ වී ගන්නකොට ඔය ගොවියන් දෙන්න බෑ කිව්වේ නෑ. මේකෙන් තැලෙන්නේ පොඩි මිනිහා. මේ වෙලාවේ හාල් ගේනවා නම් හොඳයි...
ලොකු ඇමති තුමා, කෑමට හැකි සහල් ද........ගේන්නෙ.
වෙළඳ ඇමති රටින් හාල් ගේනකොට හරිනම් කෘෂිකර්ම ඇමති ඇතුළු ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවම ඉල්ලා ඇස වෙන්න ඕනේ