
(යොහාන් භාසුර)
ආනයනික අර්තාපල් සහ ලොකු ලූණු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට ඊයේ (26) සිට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා ඇති අතර ආනයනික ලොකු ලූණු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10 ක්ව පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබේ.
මෙම බදු සංශෝධනය ඊයේ (26) සිට මාස තුනක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පවසයි.
දේශීය අර්තාපල් සහ ලොකු ලූණු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර දේශීය අර්තාපල් සහ ලොකු ලූණු අස්වනු සඳහා නිසි මිලක් නොමැති බවට පසුගිය දිනවල ගොවීහු චෝදනා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ගොවියත් ආරක්ෂිතයි. ආණ්ඩුවට බදු එන නිසා ආණ්ඩුවත් ආරක්ෂිතයි. එතනොට පාරිභොගිකයාට මොකද වෙන්නේ...?
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයකි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහලට. අනික් කාලයේදී මිල පහලට.
ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට අත් විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයක ප්‍රතිපලයි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහළට. අනික් කාලයට මිල පහලට. මෙවැනි අමුතු සුත්‍ර නැතිව වෙනත් උපාය මාර්ගයකින් ගොවියාද පාරිභෝගිකයාද රැක ගත යුතුයි. ඒ සඳහා වෙළඳ සහ කෘෂිකර්ම ලොක්කෝ සිතිය යුතුයි.
ශ්රී ලංකාවේ පාරිභෝගිකයාට අත් විඳීමට සිදුව ඇත්තේ අමුතුම සුත්‍රයක ප්‍රතිපලයි. අස්වනු නෙලන විට ලොකු ලුණු සහ අර්තාපල් මිල ඉහලට. අනික් කාලයට මිල පහලට. මෙවැනි අමුතු සුත්‍ර නැතිව වෙනත් උපාය මාර්ගයකින් ගොවියාද පාරිභෝගිකයාද රැක ගත යුතුයි. ඒ සඳහා වෙළඳ සහ කෘෂිකර්ම ලොක්කෝ සිතිය යුතුයි.
ඉදිරි ඡන්දවලදී පාරිභෝගික අපේ ඡන්ද අවශ්‍ය නම් ආහාර වලට ගහන තීරුබද්ද වහාම අඩු කරගන්න... රටේ ජීවන වියදම අහස උසට, ඔය අස්වැසුම වැනි කෙහෙල් මල් අවශ්‍ය නැහැ. ආහාර මිල අඩු වෙනවා නම්, අපි සුකෝපභෝගී වාහන වැනි දේවල් ඉල්ලන්නේ නැහැ. ආහාර මිල අඩු කරන්න. එක එක කණ්ඩායම් ආරක්ෂා කරන්න අපට බදු ගහන එක අපි අනුමත කරන්නේ නැහැ.