(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව පරමාකන්ද රජමහා විහාරස්ථානයට අයත් වන රක්ෂීතයෙ අක්කර 50 කට ආසන්න භුමියක් ඩෝසර දමා වනසා ඇතැයි  පරිසර සංවිධාන චෝදනා කරති.

පරමාකන්ද රජමහා විහාරස්ථානයට අයත් කුඩාවැව මාර්ගයට නුදුරින් ඌරියාව ගමන් කරනු ලබන කැලෑ බද මාර්ගය අසල දැවැන්ත රක්ෂීතය මෙසේ ඩෝසර යන්ත්‍ර යොදා ගනිමින් වන දමා ඇත.

කිසිදු රජයේ ආයතනක අවසරයකින් තොරව මෙම දැවැන්ත විනාශය සිදුකරන බව චෝදනා නගති.

මුවන්,ගොනුන් ඇතුළු වන සතුන් නිරන්තරයෙන් සැරිසරමින් දිවි ගෙවු මෙම රක්ෂීතය කපා වැනසිමත් සමග දැඩි පාරිසරික විනාශයක් සිදුව ඇති බව ගම්වාසිහු චෝදනා නගති.