
(අජන්ත කුමාර අගලකඩ)
ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන 02 වැනිදා කොළඹ දී එළි දැක්වේ .
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන්ගේ සහභාගීත්වයෙන් මාදිවල මොනාක් ඉම්පීරියල් හෝටලයේ පැවැත්වෙන උත්සවයකදී මෙම යෝජනාවලිය එළි දැක්වෙනු ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ,ජාතික නිදහස් පෙරමුණ ,පිවිතුරු හෙළ උරුමය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, අපේ ජන බල පක්ෂය, ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් එක්ව මෙම යෝජනාවලිය සකස් කර ඇත
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ,ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ,විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ලංකා සමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ටිරාන් අලස් ,ගෙවිඳු කුමාරතුංග , අසංක නවරත්න යන මහත්වරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වෙති .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න අරෙහෙ එංගලන්තේ වරකා ගෙඩියක් පවුම් කොච්චරද ගානකට අලෙවි වෙනවාලු. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් පනස් දාහක් විතර. ඔහෙලගෙ ඔය වෙන වෙන යෝජනා පැත්තක තියෙද්දී ඔය හොඳට පැහිච්ච වරකා එකතු කරලා රට යවන්න ට්‍රයි එකක් දෙනවලා. වරකා වවන්න වැඩ පිළිවෙලක් හදනවා. එතකොට ඩොලර් ඒවි. තවතව පරක්කු කරන්න එපා.
මේකට උත්සව තියන්න ඕනද? කැබිනට් රැස්වීමේදී යෝජනා බාරදුන්නාම ඉවරයිනේ... මේ විකාරවලින් පේන්නේ මේ උදවියගේ නොහැකියාව...!
හතර හිනා..! දෙයියනේ අපට කියන්නෙ ඇයි කැබිනට් මණ්ඩලේට කියන්නකෝ? මොන ළදරුවෝද මේ..?
රටේ මුදල් කොල්ල කාලා විදෙස් බැංකුවල තැන්පත් කරලා තියන අයගේ මුදල් රජයට පවරා ගන්නත් යෝජනා කළාද..?
දේශපාලුවන් හොරාකාලා හංගපුවා ගිණුම්වල ඕනෑතරම් ඇතිනේ... සුනාමියෙන් ලැබුණු පවුම්, ඩොලර් හෙල්පින්ග් හම්බන්තොට ගිණුමට බාගන්න ඇති...
ඩොලර් කලර් ෆොටෝ කොපි ගහමු..
අපේ වැටුප අපි වෙන රටකට යවනවා. අපේ යාලුවෝත් එහෙමයි. ඒ වගේම අනිත් අයවත් අපි දැනුවත් කරනවා ලංකාවට ඩොලර් එවන්න එපා කියලා.. මේ කාලකන්නි ආණ්ඩුව තියෙනකන්. ජාතික ජන බලවේගය, ජේවීපී එක රජයක් පිහිටුවපු ගමන් අපේ ඩොලර් ලංකාවට ලැබේවි. හදවතින්ම අපේ මාතෘ භූමියේ දියුණුව සඳහා...
මේ අය කොහොමද අනේ ඩොලර් හොයන්නේ. දූපත්වාසී නිසි අධ්‍යාපනයක් නැති වහල් හැත්ත. විමල් වීරවංශ, වාසුදේව කියන්නේ නියම ඩබල් ගේම් කාරයින්. ඊළඟ ඡන්දෙන් පස්සේ මේ අයට වෙන්නේ මීයන් අල්ලන්න...
අනේ මේ කාලකණ්ණි ඉන්නකන් රටට කිසිම සෙතක් නෑ...