
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ආණ්ඩුව බලාපොරොත්තු වූ සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්දේ දී ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය.
වර්තමාන සංචාරක කර්මාන්තයට නිසි තැනක් ලැබී තිබේදැයි ප්‍රශ්නයක් තිබෙනවා.මේ වසරේ සංචාරකයන් මිලියන තුනක් අප රටට ගෙන්වීමට ආණ්ඩුවට ඉලක්කයක් තිබුණත් අද වන විට සංචාරකයන් පැමිණ තිබෙන්නේ මිලියන 1.9ක් පමණයි.
මේ ඉලක්කය සපුරා ගන්නට නොහැකි වීමට කරුණු කීපයක් බලපා තිබෙනවා. ඕනෑම රටක සංචාරක කර්මාන්තයේ දියුණු කිරීම සඳහා සන්නාමකරණයක් ක්‍රියාත්මක වෙනවා.මේ අනුව රටවල්වල සංචාරක කර්මාන්තය දෙගුණ,තෙගුණ කිරීමට හැකි වුණා.එවැනි සංචාරක කැම්පේන් එකක් දියත් කිරීමට ලංකාව අසමත් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පෞද්ගලික අංශයේ හෝටල් හිමියන් අප්‍රසාදය පළ කර තිබෙනවා.රටට වැඩිම විදේශ සංචාරකයන් එන්නේ නොවැම්බර්- දෙසැම්බර් මාස වල.මේ මාසයේ සංචාරකයන් 32000ක් පැමිණියත් මිලියන තුනක ඉලක්කය සපුරා ගන්නට නොහැකි වී තිබෙනවා.2018 වසරේ සංචාරකයන් මිලියන පහක් ලංකාවට ආවා යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං අපිට හරිම සතුටුයි.
හන්තානේ කදු මුදුනම කපලා පවුලේ අයට දෙන්නං... ගම අවුලක්ඥ්ඥං රට පටලන්ඥ්ඤං ගිනිගෙඩි දෙන්ඥ්ඥං දෙන්ඥ්ඥං...
සංචාරක වියාපාරේ දියුණු කරන්නන නම්, හොඳට සල්ලි තිබෙන රටවල සංචාරකයෝ මෙහෙට ගෙන එන්න කටයුතු කරන්න ඕනේ, නිකන් දුප්පත් මිනිස්සු වැඩි රටවල් වල මිනිස්සුන්ට පමණක් නිදහස් වීසා පහසුකම් දීලා මේවා කරන්න බැහැ... නිදහස් වීසා පහසුකම් දීලා පෝසත් සංචාරකයෝ ආකර්ෂණය කර ගන්න ඕනේ, කලාපේ තරග කරුවන් වන මලදිවයින, වියට්නාම, ඉන්දුනීසියාව, සින්ගප්පූරු, පිලිපීනේ, චීනය කරන ආකාරයට යුරෝපා සංගමේ වැනි මුදල් වියදම් කරන පෝසත් රටවල සංචරකයට දින 30 නිදහස් වීසා පහසුම්කම දෙන්න ඕනේ , මේවා රුසියාවට, යුක්රේනෙට, චීනෙට, ඉන්දියාවට පමණක් දීල හිගන්නෝ ගෙන්න ගෙන කරන්න බැහැ. ඔවුන් ඇවිත් මෙහෙ බාබර් සාප්පු, රෙස්ටුරන්ට්, දමලා අපේ පොකට් එකට කෙලිනවා...
රටට යහපතක් වෙනවා නම් විපක්ෂයේ ඉන්න කුහකයෝ බලාගෙන ඉන්නෙ ඒවාට අකුල් හෙළන්නම තමා. තමුන්ගේ පියා බලයේ හිටපු කාලේ දේසපාලනෙන් හොරාකාලා බඩවඩා ගත්තු හැටිත් අපි නොදන්නවා නොවෙයි.
නායකයාගේ වගේම තමයි පක්ෂයේ අනෙක් අයගේත් මනස ලාමකයි. හන්තානට සුද්දෝ ආවේ නැතේයි, මහ බැන්කුව පිරී ඉතිරිලා ගිලිල්ලා තියේන්නේ. බොරු නම් හර්ෂගේන් අහන්නකෝ...
අර හන්තානේ අල්ලගත්ත ඉඩම් දීලා ඉන්න ඉස්සරවෙලා.