(සුජිත් හේවාජුලිගේ )
ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන්ආණ්ඩුව රැකිය යුතු බව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පැවසීය.
කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නැතැයිද ඔහු කීවේය.
ආණ්ඩුවේ එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බව පැවසූ අමාත්‍යවරයා විමල්-උදය හැම වෙලාවෙම කළේ ආණ්ඩුව විවේචනය කිරීම බවද ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ දේශපාලකයින් ඉන්නකන් රට ඉවරයි...
මරු නීතිය. ප්රජාතන්ත්රවාදයක් නැතත් ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව රකින්න ඕනෑ.
කරුමෙ තමයි... මොනවද රටට කරලා තියෙන්නේ?
ඔව් ඉතින් රටම නැතිබංග වෙලා මොන හෙණ පාත්වුණත් කට වහගෙන හිටපල්ලා... අනේ මේ ගොන්තඩියන්ව ඡන්දෙන් පාර්ලිමේන්තුවට යවපු මීහරක් ජනතාවට මෙහෙම වෙලා මදි...
මෙයා එජාපයේ ඉන්න කාලේ කරපු දේවල් මතක ඇතිනේ...
හැබැයි ඡන්දෙදි කියන්නේ දිවි හිමියෙන් ජනතාව රකිනවා කියලා.
මේ තමා සාම්ප්‍රදායික රට මේ තත්ත්වයට පත් කළ දූෂිත දේශපාලනයේ පිළිඹිබුව...!
නුඹලාට ආණ්ඩුව රැකගත්තොත් ඇද්ද? ඇයි නුඹලා පත්කළ 69 ලක්ෂය?
ඒක නිසා තමයි රටට කෙලවිලා තියෙන්නේ...
මොන ආණ්ඩුවේ හිටියත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ වීමට නිදහස තිබෙනවා. නමුත් ප්‍රසිද්ධියේ කියන්න ඕනෙ නම් ආණ්ඩුවෙන් ඉවත් වෙන්න. අඟේ ඉඳන් කන කන්න එපා...
මේ බනින්නේ අස්කරපු අයට නේද? අනේ ලොක්කෝ කෙරවලපිටියේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකාවට දීමට විරුද්ධව උසාවි ගියේ විපක්ෂය කාදිනල්තුමා සහ ඇල්ලේ හාමුදුරුවෝ සමග අනාගතයේ ඇතිවිය හැකි ප්‍රශ්න වලට විසඳුම් ගන්න. නමුත් ඇමැතිලා තිදෙනකු එයට සහායට කියලා ඉදිරිපත් වීමෙන් ඉවත්වුණා. ඉතින් කොහොමද කියන්නේ ඔවුන් ආණ්ඩුව ආරක්ෂා කළේ නැහැ කියලා...?
මේවගේ අය තමයි රට විනාශ කරන්නේ....!
එතකොට රට රකින්න ඕන නැද්ද?
ආණ්ඩුව රකින්නද ඔහෙලා පත්වුනේ? ඒ කියන්නේ ආණ්ඩුව ඕනෑම වැඩක් කළොත් ඒවා වහගෙන මිනිස්සු රවට්ටන එකද ඔහලොගේ වගකීම? වයස කීයද දැන්?ඇඟිල්ල දික් කර ගෙන හිටියත් තාමත් තියෙන්නේ අමන අදහස්! මෙහෙම අය තමයි අපේ රටේ දේශපාළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම කාලකන්ණි කාලයක් රටට උදාවෙන එක පුදුමයක්ද?
අන්තිමට දෙගොල්ලෝ රැකිලා, රටේ මිනිස්සු හිඟමනට වැටිලා තියෙන එකයි වෙලා තියෙන්නේ....
ගාඩ්ස්ලා නැතිව පුළුවන් නම් පාරට බැහැලා බලන්නකෝ එතකොට තේරෙයි... රට විනාශ කරපු අයට නම් හෙනම තමයි.
මෙයා ප්‍රේමදාසගේ ආණ්ඩුව කාලෙදී, තෙල් සංස්ථාවේ සභාපති වෙලා කරපු දේවල්... දැන් බයිලා තමයි කියන්නේ..!
මෙයාලගේ මූණු දකිනකොටත් ඇඟේ මාලු නටනවා.
රටට හෙන ගැහිලා ගියත් කමක් නැහැ... දූෂිත දේශපාලුවන්ට බලයේ ඉන්න තිබුණොත් ඇති...