(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ මැති ඇමතිවරුන් මේ දිනවල උත්සව, රැස්වීම්, මහජන හමුවීම ආදියට සහභාගි වීම මග හරිමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ගෑස්, ඉන්ධන ,විදුලිය අර්බුදය හේතුවෙන් ,මහජන විරෝධයක් එල්ල විය හැකි බැවින්, ඔවුන් මෙසේ උත්සව, රැස්වීම් ආදියට සහභාගි වීමෙන් වැළකී සිටින බව එම ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ.
මැති ඇමතිවරුන් සහභාගි වීමට නියමිතව සිටි උත්සව, රැස්වීම් ගණනාවක් ගිය සතියේ ද අවලංගු කර ඇතැයි වාර්තා වේ.
ගෑස් හිඟය, ඉන්ධන හිඟය මෙන්ම විදුලි අර්බුදය හේතුවෙන් මහජනතාවගෙන් බරපතළ විරෝධයක් ආණ්ඩුවට එල්ල වී ඇති අතර, උත්සව වලට සහභාගි වීමේදී ඔවුන්ට ද ඒවාට පෞද්ගලිකව මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි යන අදහසින් මැති ඇමැතිවරුන් ඒවාට සම්බන්ධ නොවන බවද දැනගන්නට ඇත.
මේ අතර,ඇතැම් මැති ඇමතිවරුන් ආණ්ඩුව වෙනුවෙන් රූපවාහිනී සංවාද සාකච්ඡා ආදියට සහභාගි වීම ද මග හරිමින් සිටින බව වාර්තා වේ.
රූපවාහිනී සංවාද ,සාකච්ඡා වලට සහභාගි වි කියන්නට දෙයක් නොමැති යැයි පවසමින් ඔවුන් මෙසේ ඒවා මග හරිමින් සිටින බව ද දැනගන්නට ඇත.
මේ අතර, ආණ්ඩුවෙන් පැවැත්වීමට නියමිත මැයි දිනය සම්බන්ධයෙන් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙන මූලික සාකච්ඡා වලට ද ඇතැම් මැති ඇමැතිවරුන් සහභාගි වී නැති බව වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ අමාරුකම් මධ්‍යයේ රජය ප්‍රතිපත්තියක් ලෙස උත්සව සමරන්නේ නැතැයි කීවා නම් ගොඩ...
අනේ පව්... ! එනකල් අපි බලාසිටියේ...!
රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන්, එස්.බී., සේමසිංහ වගේ කීපදෙනෙක් හිටියාම ඇති...
නුඹලා ඔක්කොම ගුටිකන දවස වැඩි ඈතක නෑ...
ඔක්කොගේම ගෙවල්වලට ඇවිත් හොඳවායින් උත්සවයක් තියලා ජනතාව නොබෝ දිනකින් සලකන්න පටන් ගනීවි.
උත්සව වලට සහභාගි වෙනවා තියා නිකන්වත් පාරේ යන්න එපා. පාරේ යනවා නම් වෙස් මූණක් දාගෙන යන්න...
මැටි දෙසපාලුවනි හොදට මතකතියාගනිවු ඡන්දෙ කාලෙටත් තොපිට වෙන්නෙ ගෙදරට ම වෙලා ඉන්න තමා උබලා දෙපැත්ත මාරැවෙවි ගෙම් ගහපු කාලෙ ඉවරයි
පන්නන්න ඕනෑ ගෙවල්වලින්...