
(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පෙත්සමක් බාර දුන්හ.
මෙම පෙත්සමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු අත්සන් තබා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අස්සන් කළ මෙම පෙත්සම කතානායකවරයා අනතුරුව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට බාරදී ඇතැයි එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයට සැකකටයුතු පාර්සලයක් රැගෙන එන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කතානායකවරයාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වනු ලබන්නේ පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව විසිනි.
මේ පාර්සල් සිද්ධිය සිදුවී ඇතැයි පැවසෙන්නේ පසුගිය 24 වෙනිදාය.
එම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදීද පසුගිය 25 වැනිදා විශේෂ ඉල්ලීමක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඇත්තට... පාස්කු දවසේ පුපුරවපු බෝම්බ ගැන හොයන්න මෙච්චර උනන්දුවක් තිබුණා නම් මිරිස්කුඩු ගෙනාවාම කමිටුවක් පත්කළේ නැත්තේ ඇයි...?