(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවල වගකීම් තමන්ටද පවරන්නැයි ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ .
ඇතැම් ඇමතිවරුන් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමේ දී අදාල දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට පවා පියවර නොගන්නේ යැයි ද එම මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨයනට ප්‍රකාශ කර ඇත.
ආන්ඩුවේ පසුපෙල මන්ත්‍රීවරුන් කණ්ඩායමක් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් කිහිප දෙනකු ඉකුත්දා හමුවී තම දුක්ගැනවිලි ඉදිරිපත් කර ඇතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
පසුපෙළ මන්ත්‍රීවරුන්ට ඇති ගැටලු ජනාධිපතිවරයා ත් අගමැතිවරයාත් හමුවී ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවට එම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඔවුන්ට පොරොන්දු වී ඇතැයි ද ද වාර්තා වේ
මේ අතර රජය ගන්නා ඇතැම් තීන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් ලෙස තමන් දැනුවත් නොකරන බවටද පසුපෙළ මන්ත්‍රීවරුන් රජය ජ්‍යෙෂ්ඨයන් හමුවේ ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ඉන්න. තියෙන ටිකත් අහවල් සහෝදරයා මුදල් ඇමති වුනාම කෙලගෙන යයි.
අපිටත් හොරාකන්න මොනවා හරි දෙයක් දීපල්ලා කියලා තමයි ඔය ඉල්ලන්නේ...
කනඑක බෙදාගෙන කන්න එපෑයෑ. එතකොටනේ නඩුවක්වත් ෆයිල් කරගන්න බැරිවෙන්නේ..
ගෝඨාභය එක්ක සෙල්ලම් බැහැ කියලනේ කිව්වේ? දැන් පහුගිය ආණ්ඩුව කෙඳිරි ගාපු විදියට මෙයාලත්, ජනතාවට ඕවා වැඩක් නැහැ...
සංවර්ධන කටයුතු කාටවත් පවරන්නේ අහවල් දේකටයැ... පවුලේ උදවිය ඉහටත් උඩින් ඉන්නේ...!!!
කන එක බෙදා හදා ගෙන කමු.
අනේ පව් ඒ ගොල්ලන්ටත් මොනවා හරි කරන්න දෙන්න. පව්නේ අප්පා...
එන්නත්, පොහොර ටික ගෙන්න ගන්න. ණයටික ගෙවාගන්න මුදල් නොමැති වෙලා පෙට්‍රල් පවා වැඩිකරලා ඉන්න අවස්ථාවේ මොන සංවර්ධනද?