
(අජන්ත කුමාර අගලකඩ)
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන මහත්වරුන් ඇතුළු, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්, ආණ්ඩු පක්ෂ රැස්වීම් වර්ජනය කිරීමට පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
ආණ්ඩුවේ සිටීමින් ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් සමඟ තවදුරටත් කටයුතු කළ නොහැකි බැවින්, ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායම මෙම තීරණය කර තිබේ .
මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවේ වරප්‍රසාද ලබමින්, ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායමක් සමග තව දුරටත් ඉදිරියට යා නොහැකි බවය .
එබැවින් ආණ්ඩුව විවේචනය කරන කණ්ඩායම ආණ්ඩු පක්ෂ රැස්වීම්වලට සහභාගි වන්නේ නම්,එම රැස්වීම්වලට සහභාගී නොවීමට පසුපෙළ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි ද ඔහු සදහන් කළේය .
කැබිනට් මණ්ඩලයේ සිටිමින් ,කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයේ නඩු පවරන, ආණ්ඩුවේ නායකයන් විවේචනය කරන, දූෂිතම ආණ්ඩුව මෙය බව ප්‍රකාශ කරන කණ්ඩායමක් සමඟ කටයුතු කරන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවක් බව ද ඔහු සඳහන් කළේ ය.
මෙම කණ්ඩායම ඊයේ (02)ප්‍රසිද්ධ රැස්වීමක් ද කැඳවමින් ආණ්ඩුව දැඩිව විවේචනය කළ බව හෙතෙම කීවේය
මෙම කණ්ඩායම සම්බන්ධයෙන් තීරණයක් ගන්නැයි පසුපෙළ කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයට මහත්වරු කියන්නේ මොකද?