(යොහාන් භාසුර)
ප්‍රාදේශීය ලේකම්වරුන් සමඟ කටයුතු කිරීමේදී දැඩි හිරිහැරයට පත්වන බව ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු පිරිසක් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ට පැමිණිළි කළහ.
ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු දේශපාලඥායන් නොසළකා හරින බවත් ඒ හේතුවෙන් ජනතාව ද අසීරුතාවට පත්වන බවත් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
එහිදී පසු පෙළ මන්ත්‍රීවරු පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ග්‍රාම නිලධාරීන් එකම ස්ථානයේ වසර ගණනාවක් රැදී සිටීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවක් බවත් ඔවුන් දේශපාලඥායන් නොසළකා හරිමින් කටයුතු කරන බවත්ය.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ආණ්ඩු පක්‍ෂයේ පසු පෙළ මන්ත්‍රීවරු එලෙස පැවසූහ.
වසර පහකට වැඩි කාලයක් එකම ස්ථානයේ සේවය කළ ප්‍රාදේශීය ලේකම්, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ ග්‍රාමනිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කිරීම, චෝදනා එල්ල වී ඇති ප්‍රාදේශීය ලේකම්වරු සම්බන්ධයෙන් වාහාම පරීක්‍ෂණ පැවැත්වීම සහ ග්‍රාම නිලධාරීන් වැඩි පිරිසක් කාන්තාවන් වීම නිසා ග්‍රාමනිලධාරීන් ලෙස පිරිමින් වැඩි පිරිසක් බඳවාගත හැකි ආකාරයට ග්‍රාමනිලධාරීන් බඳවාගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට එම සාකච්ඡාවේදී යෝජනා කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්‍ය තමයි ප්‍රාදේශීය ලේකම්ට නීතියට අනුව වැඩ කිරීමට දෙන්නේ නැතිකම... ඔහුට ඔහුගේ රාජකාරිය, ස්වාධීනව කරන්න ඉඩ දෙන යෝජනාවක් සම්මත කරගන්න. ලංකාවේ දේශපාලකයින් බිහිවෙන්නේ මුදල් උපයාගන්න කියන මතය ජනතාවට තහවුරු වෙලා ඉවරයි. ඉස්සර තමයි සමාජ සේවයක් කරන පින්වත් අය හිටියේ. රට විනාශ වෙන හැම කරුණකදීම කවුද පිටිපස්සෙන් ඉන්නේ? අන්තිමට නිලධාරීන්ව අල්ලනවා. ඔවුන්ව මට්ටු කරන් ඉන්නේ මාරු කරනවා කියලා. දැන්වත් මේ රට ගොඩ නගන්න සේවයක් කරන්න බලන්න.
ඔය හැමදෙනාටම ඕනෙ වෙලා තියෙන්නේ කොන්දක් නැති පණුවන් නිලධාරීන් විදිහට තබාගෙන තමන්ගේ හොරවැඩ කරන්න. ඒවාට විරුද්ධ වෙන නිලධාරීන්ව පන්නන්න කියන්නේ.
8 පාස් අය කියනදේ කරන්න ගිහින් හිරේ ලගින්න වෙන්නේ උගත් ලේකම්ලාට තමයි. ලිඛිතවම හෝ චක්‍රලේඛන මගින් දන්වන්න කරන්න ඕනෑ වැඩේ වෙන විදිහකින් කරන්න බැහැ. රටේ නීතියක්, ක්‍රියාපටිපාටියක් තියෙනවා.
පොලිසියේ අය පන්දම් අල්ලන්නේ නැත්නම් ඒ අයව මාරු කරනවා. ප්‍රාදේශීය ලේකම්ලා නීතියට පිටින් වැඩ නොකරන නිසා, 8 පාස් දේශපාලකයන්ට වුවමනා විදිහට නටන්නේ නැහැනේ. ඒ නිසා එයාවත් මාරු කරනවා. රටකට ගිය කලක්. රාජ්‍ය සේවා කමිෂන්, ව්‍යවස්ථාදායක සභා මොකටද? ඒවත් විසුරුවා හරින්න.
පසුපෙළ, ඉදිරිපෙළ හැමෝම නිසා රාජ්‍ය සේවකයෝද, අසරණ ජනතාවද අධික ලෙස අපහසුතාවයට පත්වේ...