
(අංජුල මහික වීරරත්න)
රජයේ ආයතනය වල සිදුවන විෂමාචාර සම්බන්ධ පරීක්ෂණ කිරීමට නව විමර්ශන නිලධාරී සංචිතයක් පිහිටුවා තිබේ.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් ආයතන පද්ධතියේ සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පාර්ලිමේන්තු ගිණුම්කාරක සභාව, සාර්ලිමේන්තු ව්‍යවසාය කාරක සභාව වැනි ආයතන මගින් සිදු කරන පැමිණිලි සම්බන්ධයෙන් මුලික විමර්ශන සිදු කිරීම සඳහා ප්‍රමාණවත් නිලධාරී පිරිසක් නොමැති හෙයින් මෙම පියවර ගත් බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
තවද මේ වන විට විවිධ රාජ්‍ය ආයතන, රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ අධිකාරී වල සිදුවන විෂමාචාර සම්බන්ධයෙන් මූලික විමර්ශන පවත්වා දෙන ලෙස ලැබෙන ඉල්ලීම් සඳහා විමර්ශන සිදු කිරීමට මෙම අංශය සතුව පවතින ධාරිතාව ප්‍රමාණවත් නැතැයි අමාත්‍යාංශය කියයි.
ඒ අනුව එක් එක් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා මණ්ඩල අතරින් අයැදුම්පත් කැඳවීමකින් නිලධාරීන් තෝරාගෙන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංගයේ විමර්ශන ඒකකයට අනුයුක්තව වෙනත් ආයතනවල සේවය කරන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මූලික විමර්ශන නිලධාරීන්ගේ හා පැමිණිල්ල මෙහෙයවන නිලධාරීන්ගේ සංචිතයක් පිහිටුවීමට වත්මන් රජයේ අවධානය යොමු වී තිබේ.
අයැදුම්පත් අතරින් තෝරා ගන්නා ලද නිලධාරීන් 150 ගෙන් යුත් සංචිතයක් පිහිටුවා නිලධාරීන් 30 බැගින් වූ කණ්ඩායම් තුනක් ලෙස තෝරාගෙන එක් කණ්ඩායමකට දින 14ක් වන සේ පුහුණු වැඩසටහන් පැවැත් වූ බව අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd