
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අග්‍රාමාත්‍යවරයාගේ සිට ආණ්ඩුව ඉවත්වී නව අන්තර්කාලීන පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා (පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
තමා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා ගැන කණගාටුවට පත්වෙන බව කී වීරවංශ මහතා එතුමාට මෙවැනි තත්ත්වයකට පත්වෙන්න එතුමාගේ සහෝදරයා වන අවලස්සන ඇමරිකානුවා කටයුතු කළ බවද සඳහන් කළේය.
කෙසේ වෙතත් දැන් ඒ පරිච්ඡේදය අවසන් බව පිළිගත යුතුව ඇතැයි ද වීරවංශ මහතා සඳහන් කළේය.
දැන් සියලු පක්ෂ නියෝජනය වන පාලන තන්ත්‍රයක් ස්ථාපිත කළ යුතුව ඇතැයි කී විමල් වීරවංශ මහතා උදව් කරපු රටවල් තරහා කරගත් ආණ්ඩුවට මේ ඩෙලාර් බිලියන 4ක 5ක ප්‍රශ්නයට උත්තර හොයන්න බැරි බවද සඳහන් කළේය.
රටේ වත්මන් අර්බුදය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට සහභාගී වෙමින් විමල් වීරවංශ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ekata ohey ohege ara anith kewattayo dennawath daagena purudu sellama aapahu gahapiya.