(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය."විපක්ෂය අසත්‍ය කේන්ද්‍ර කරගෙන කතා කරනවා යැයි අදහස් පළ කෙරුණා.ඒ නිසා සත්‍යවාදී කරුණු කීපයක් ඉදිරිපත් කරන්න මම කැමතියි.දිට්වා  සුළි කුණාටුවෙන් අගතියට පත් අයට සහන ලබාදීම වේගවත් කරන්නටත් තවදුරටත් රටේ ජාතික ආරක්ෂාව හැම අතකින්ම සුරක්ෂිත කිරීමටත් මේ හදිසි නීතිය ක්‍රියාත්මක කරනවා.

හදිසි නීතිය පනවන ලද අවස්ථාව රටේ ජාතික ආරක්ෂාව ඉහළම තත්ත්වයක තිබිය යුතු අවස්ථාවක්.එවැනි අවස්ථාවක ඇමරිකා සබ්මැරීනියක් අපේ අනන්‍ය ආර්ථික කලාපයට පැමිණි කාරණය ආණ්ඩුව දන්නේ නැද්ද?ගොඩබිමේ සිට නාවික සැතපුම් 40ක් එහාට සබ්මැරීනියක් එන විට ඒක හොයා බලන්න අපට රේඩාර් නැද්ද?ඊට අදාල පහසුකම් නැද්ද? 

සිද්ධිය වුණාට පස්සේ එහෙම දෙයක් සිදුවුණාද? නැද්ද?  කියන්න බැරි බව ආරක්ෂක අමාත්‍යංශය කියනවා. එයින්ම අපේ ජාතික ආරක්‍ෂාවට අත්පත් වී තිබෙන ඉරණම තේරෙනවා යැයි සජිත් ප්‍රේමදාස මහතා කීය.