ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ චෝදනා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශය චෝදනාවකටත් වඩා අපහාසයක් යැයි ද එරට මාධ්‍ය වාර්තා කර තිබිණි.
පොලිස් නිලධාරීන්ගේ ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී මියගිය ජෝර්ඩ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ නගර සියයකට වැඩි ප්‍රමාණයක පැවැත්වෙන උද්ඝෝෂණ මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන ඇත.
ඇමෙරිකානු ජනාධිපතිවරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්, නීති බලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ මේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.
ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් දුර්වල යැයි එහිදි චෝදනා කර ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා විරෝධතා පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි ද අවධාරණය කර ඇත.
‘‘ඔබ බොහෝදෙනෙක් දුර්වලයි. ඔබට මිනිස්සු අත්අඩංගුවට ගන්න වෙනවා’’ යැයි ට්‍රම්ප් කීය.
අල්ජසීරා/රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ගේ ශාරීරික දුබලතාවයන් අනුන් පිට පටවනවා වගේ. ආ !!! අමතක වුණානේ පෝය කිට්ටුයි. ඔහොම වෙන එක සාමාන්‍ය දෙයක්... චන්ද්‍රයාගේ බලපෑම්.
කලින් හිටපු ඇමරිකන් ජනාධිපතිවරු වගේම තමන් සිරියාවට මැද පෙරදිගට දුන්නා වගේ දෙන්න කියලනේ මේ කියන්නේ. ලංකාවට ජාතිවාදී කියලා චෝදනා කරන, මානව හිමිකම් කඩ කළා කියලා චෝදනා කරන, සුළු ජාතින් මර්ධනය කරනවා කියලා චෝදනා කරන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ඔක්කොම ඇමරිකාව ගැන නිහඬයි. ලංකාවත් නිහඬයි. කතා කරන්න මේ වගේ අවස්ථාවක් ආයේ එන්නෙත් නැහැ. හැබැයි ඇමරිකන් ගැත්තෝ රට පාලනය කරන හින්දා නිහඬයි.
කළ කළ දේ පල පල දේ...
ඡන්දය පරදිනවා නොඅනුමානයි...
ලබන ඡන්දෙන් ට්‍රම්ප් විසිවෙන ලකුණු...
ඇමරිකන් සිරිසේන...!!!
ඔහෙත් එහෙමද මෙහෙත් එහෙමයි...