අගමැති ධුරය වෙනස් වීම රජයේ වෙනස් වීම සම්බන්ධ නිත්‍යනුකූලභාවය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නීතිපති ජයන්ත ජයසුරිය මහතා කතානායක කරුජයසුරිය මහතා වෙත අද (31) දැනුම් දී තිබේ.
මෙම තත්ත්වයෙහි නිත්‍යනුකූල භාවය පිළිබඳ විමසමින් පසුගිය 27 වැනිදා කතානායකවරයා විසින් නීතිපතිවරයාට යොමු කළ ලිපියට පිළිතුරු දෙමින් නීතීපතිවරයා අද මේ බව දැනුම්දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීතීපතිවරයාගේ භූමිකාවට අනුකූලව ඒ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කිරීම යෝග්‍ය නොවන බව තමාගේ අදහස බවද නීතීපතිවරයා කථානායකවරයාට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
( නීතීපති විසින් කතානායකවරයා වෙත යොමු කළ ලිපිය පහත දැක්වේ)

(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති යනු ලංකාවේ ප්‍රධාන නීති නිලධාරියාය. ඔහු ජනපතිගේ ක්‍රියාව අනුමත නොකර මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි බව නැතිනම්, යෝග්‍ය නොවන බව කියයි. පැත්තක් නොගන්න හොඳ නිලධාරියෙකි. ලංකාව යනු නීතිය හැම පැත්තටම නවන රටකි. ජනපතිට එහෙයි සර් කියනවා නම් ඔහු නිල් පාටයි. නැතිනම් කොළ පාටයි. සුපිරිමාධිකරණයද එලෙසම වේ. දැයි උරගා බලන් නැත්තේ ඇයි?
මෙවැනි අවස්ථාවකදී කරුණ නිරාකරණය කල හැක්කේ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලකට පමණක් බව ව්‍යවස්ථා නීතිය පිළිබඳ අවබෝධයක් ඇති ඕනෑම කෙනෙක් දන්නවා.
කරන්න බැරිද..? කරන්න නොදෙනවද?
මතයක් ප්‍රකාශ කිරීම ශරීර සෞඛ්‍යයට යෝග්‍ය නොවේ.
නියම කතාව අපිට ඔහුගේ මතය අවශ්‍ය නැහැ. අපට වුවමනා වන්නේ නීත්‍යානුකූලව හරිද වැරදිද කියන එක පමණයි.
රට සහ පවුල: සැමියා සිය බිරිඳ දික්කසාද නොකළ යුතුය. දික්කසාද කිරීමට පෙර බිරිඳගේ වැරදි ඇයට පෙන්වා දිය යුතුය. රටේ ලොක්ක හොර රහසේ වෙනත් බිරියක් " උපරිම විශ්වාසය තිබේ " යයි පවසා සරණ පාවා ගැනීමට පසු ඇයගේ බොරු වැරදි රටට කීම හරිද? මෙය මුළුරටම අවීචි මහා නරකාදියට යාමට මගකි. සාපයක් ලෙස, ලංකාවේ දික්කසාද අනුපාතය ඉහළ යනු ඇත.
නරකද ඔය ජොබ් එක වෙන කෙනෙකුට දුන්නානම්...?
මාව පත්කළ එකට කෙලවන්න බැහැනේ... නේද?
ජයසූරිය මහත්තයා මේ බණ කතා කරනවාද මන්දා? මත ප්‍රකාශ කරන්නේ කොහොමද අප්පා පංචස්කන්ධයම හීන් දාඩියෙන් නෑවිලා තියෙද්දී...?
ඒ කියන්නේ වැරදිවෙන්න පුළුවන්නේ කරපු දේ... හරි ලේසියිනේ කියන්න..
රට අරාජික වී ඇත.සියලු දෙන එකතුවී රට හද ගන්නේ නැත්තේ ඇයි? වාසියට බෙදී ඇත. රට දෙවනුවට තබා ඇමතිකම ගැනීමට පෙරේත කම. පක්ෂ මාරු කරයි. සියලු දෙන එක්වී, මොවුන්ට දඩුවම් කරන ලෙස ස්වභාව ධර්මයෙන් ඉල්ලන්න.පොල් නොගසන්න. සියලු දෙන එක්වී එක රැයක, එකම වෙලාවේ, පහනක් හෝ ඉටි පහනක් දැල්විය හැකිනම්? රට වෙනුවෙන් සැවොම එක් වන්න.සර්ව පාක්ෂික රජයක් සඳහා හිතන්න. ජාතිවාදී නොවන්න . ආගමික නායකයින් ස්වාධීනව ඉදිරියට එන්න. මල්වතු, අස්ගිරි මහනායකහිමිවරුන් පසෙකට වී නිශ්සබ්දව සිටීමෙන් රට වැනසේ. කාදිනල්තුමා , අනෙක් අය එකතු වන්න.
නාමල් හා ජනාධිපතිතුමා විසින් වැටීමට ආසන්නව තිබුණ එජාපයට ඔක්සිජන් ලබාදීම නිසා ඉදිරියට යන්න අවකාශය ලැබුණ. මේ නිසා පොහොට්ටුවට හොඳ තරගයක් ඉදිරි ඡන්ද විමසීම් වලට දෙන්න වෙනවා. ජනතාව පැත්තෙන් බැලුවොත් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක්.
සර්වපාක්ෂික රජයක් ලඟදීම. පාටලී, රාජිත, කබීර්, බැසිල්, දුමින්ද, ගෝඨා, හකීම්, ටී.එන්.ඒ. එකතුවී රනිල් සහ මහින්ද දෙදෙනාම අගමැති නොව උපදේශකවරු වෙති.
ඔබට මතයක් ප්‍රකාශ කරන්න බැරිනම් ඔබ නීතිපති හැටියට සුදුසුම නැත. මේකෙන්ම පැහැදිලි වෙනවා රාජ්‍ය සේවකයන් පවා ජනාධිපති තුෂ්නිම්භූත කර ඇති වග... රටම නාරා වලකට ඇදලා දාලා. ඒ මදිවට තර්ජනාත්මකව අණ දෙනවා තමන්ගේ අයට රනිල් අගමැති වුනොත් තමන් ජනාධිපති පුටුවේ එක පැයක් ඉන්නේ නැහැ කියලා. බය කරන්න. ඒ වුනාට යූ.ඇන්.පී. අයව තමන්ගේ පැත්තට ගන්න ඕනෙම ජඩ වැඩක් කරනවා. අනේ මෙහෙමත් ජනාධිපති කෙනෙක්.
ඔබට මතයක් ප්‍රකාශ කරන්න බැරිනම් ඔබ නීතිපති හැටියට සුදුසුම නැත. මේකෙන්ම පැහැදිලි වෙනවා රාජ්‍ය සේවකයන් පවා ජනාධිපති තුස්නිම්භූත කර ඇති වග. රටම නාරා වලකට ඇදලා දාලා. ඒ මදිවට තර්ජනාමකව අණ දෙනවා තමන්ගේ අයට රනිල් අගමැති වුනොත් තමන් ජනාධිපති පුටුවේ එක පැයක් ඉන්නේ නැහැ කියලා. භය කරන්න. ඒ වුනාට යු.ඇන්.පි අයව තමන්ගේ පැත්තට ගන්න ඕනෙම වැඩක් කරනවා. අනේ මෙහෙමත් ජනාධිපති කෙනෙක්.
ඒ කතාව වැරදියි. නීතිපති ඉන්නේ යමක් ගැන විමසුවාම තමන් දන්නා විදිහට මතය ප්‍රකාශ කිරීමටයි. ඊට පස්සේ අවශ්‍ය නම් අධිකරණයට යන්න පුළුවන්. මේ මහත්තයා තමාගේ බෙල්ල පරිස්සම් කරගැනීම මිසක් රාජකාරිය නෙවෙයි කරලා තියෙන්නේ... මෙයට අගවිනිසුරුකම නොලැබීම වාසනාවක්. දින කීපයකට උඩදී රූපවාහිනියක මහින්ද සමරසිංහ උන්නැහේ දප්පුල මහත්තයාගේ ඊ මේල් එකක් ගැන වැරදි අර්ථකතනයක් දුන්නා. සමරසිංහ මහත්තයා ගැන තිබුණු පැහැදීම නැතුවම ගියා..