IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආගරපතන ප්‍රා.සභාවේ විරෝධතාවක්

( ශාන්ත චන්ද්‍රසිරි)

ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා  නිත්‍යයනුකූල  නොවන ලෙස  මනරාසී ප්‍රදේශයේ  කඩ කාමර ඉඳි  කරමින් පවතින බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක්  ඊට විරෝධය දක්වමින්  අද (16) විරෝධතාවයක නිරතවුහ.

ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රදේශයේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරමින් ආගරපතන, මනරාසී නගරයේ පාලම අසල ප්‍රදේශයේ වෙනත් කටයුතුවලට  යෝජිත බිමක ව්‍යාපාරික කටයුතු සඳහා මෙසේ අනවසර ලෙස  කඩ කමාර ඉඳි  කරමින් පවතින බව විරෝධතාකරුවෝ  පවසා සිටියහ.

ආගරපතන ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (16) නාගසේන ප්‍රාදේශීය සභා පුස්ථකාල ගොඩනැගිල්ලේ පැවැති  අතර, ඒ අවස්ථාවේ එම ස්ථානයට රැස් වු ජනතාව  පොස්ටර් ප්‍රදර්ශණය කරමින් නාගසේන නගරයේදී  මෙසේ විරෝධතාවයේ නියලිණි.

ආගරපතන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඒ. සිවානන්ද හා එස්. සුදාකර් යන මහත්වරුන්  මෙම විරෝධතාවයට සහාය පල  කරමින් මාසික සභා රැස්වීමෙන් පිටව යන   ලදි.

මෙම ඉඳි  කිරීම් සිදු කරනු ලබන්නේ නිත්‍යානුකූල  නිසි ලෙස අවසර ලබා ගෙන බවත්, ජනතාව හා ඇතැම් මන්ත්‍රීවරු එල්ල කරන මෙකී චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බව මේ පිළිබඳව කරන ලද විමසීමේදී ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කදීර්චෙල්වම් මහතා පැවැසීය.

 

 



අදහස් (0)

ආගරපතන ප්‍රා.සභාවේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site