
(යොහාන් භාසුර)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළු ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපළවල ශ්‍රී ලාංකික ප්‍රභූන් සඳහා ප්‍රභූ පර්යන්තයන්හි ආගමන හා විගමන රාජකාරි කටයුතු (වී.අයි.පී) සහ විශේෂ සත්කාර මගින් සඳහා වන සේද මාවත (සී.අයි.පී) මගී නිෂ්කාශන කටයුතු හෙට (6) සිට අත්හිටුවීමට ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.
රටේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්වය විසදීම සඳහා පාලකයන් ජාතික වැඩපිළිවෙළක් සකස් කර නිශ්චිත විසදුමක් ලබාදෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පවත්වාගෙන යන බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ. ඒ. ඒ. එස්. කණුගල මහතාගේ අත්සනින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය එසේ පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මේ වගේ මේ අයට දැනෙන්න කරන්න ඕනෑ.. පාර්ලිමේන්තුවේ කුක්ලාට වර්ජනය කරන්න බැරිද?
උපදින දරුවන්ටත් යහපත් රටක් හැදෙන්න මේ වගේ දේවල් අගය කළ යුතුය.
මෙ පුෂ්පය ඉවර වෙන කමිනි නෙමෙයි හැමදාම ඒ නීතිය හොදයි
අගය කළ යුතු දෙයක්. ප්‍රබූවරු කියලා කොටසක් නැහැ ,හොර දූෂිත දේසපාලුවෝ තමා වැඩිපුරම එහෙට මෙහෙට යන්නේ?
ජයවේවා...! ඔබගේ සටනට...
මේ අවස්ථාවේ නිවැරදි තීරණයක්...!
හොරු ගුවන්ගත වෙන තැන.
විසඳුමක් ලැබෙන තෙක් නොව, ජනතාව ඉල්ලන විසඳුම ලැබූ දිනෙක VIP ඉබේම අහෝසි වෙනවා....
ඕකුන් ගේ වාහන වලට තෙල් වත් ගහන්න හොද නෑ
ඔබේ ක්‍රියාමාර්ගය අන් අයට ආදර්ශයක්.සියලුම අංශ මෙය අනුගමනය කරන්න පෙලගැහෙන්න
අපි මෙහෙම හිතුවට ලන්කාවට ගොඩක් පොහොසත් මගීන් එන්නේ මේ පර්‍යන්තෙන් ඒක නිසා ලොකු විදේශ විනිමය පාඩුවක් වෙන්න පුලුවන්. සමහර අය එන්නේ පුග්ගලික ගුවන් යානා වලින්. අපි ඔබ නොසිතන වියදමක් මේ ගොල්ලො ලන්කාවෙදි කරනවා.නමුත් ඒ ගොල්ලො කමති නහෙ කිසිම රස්තියාදුවකට.. අපිට නිතරම වරදින තන තමා හොදට නොහිතලා ගන්නේ තීරන. මෙතන විය යුත්තේ පාර්ලිමෙන්තුවට සම්බන්ඩ සහ ලන්කාවෙ දේශපාලනයට හෝ ලන්කාවෙ vip මහීන්‍ට සේවා නොසපයා සිටිම විනා මේක වසා තිබීම නොවෙ....
ලංකාවේ ඉන්න පාදඩයින්ට හොඳම වැඩේ. ඔබගේ මෙම ක්‍රියාව අගයමි. අපි මේ විදිහට රට හදමු...!
නියමයි. සුපිරියක්ම තමයි. ඔන්න නියම අරගලේ. මොකටද vip යන්න පුළුවන් පෝලිමේ අපිත් එක්කම... පෝලිමේ ඉද්දි තෙල් පෝලිමේ, ගෑස් පෝලිමේ දැන් කියන වචනත් අහගන්න පුළුවන්... දරුපවුලටම ඇහෙන්න කියාවි...
නියමයිනේ. ඕං මචංලා නුඹලා එක්ක පෝලිමක ඔය VIP ඇමැත්තෙක් හිටියොත් එහෙම හත්මුතු පරම්පරාවටම හොරාකාපු දේවල් මතක් කරන්න පුළුවන්...
මේ පාර හැමෝටම දැනිලා... ඔක්කොම එකතු වුණොත් මේක ගොඩගන්න පුළුවන්... ඒත් තාමත් ඉන්නවා. ගුලිකාලා වගේ අන්ද මන්ද වෙලා.