(දයාසීලි ලියනගේ)
පසුගිය රජය කාලයේ ආගමික නායකයන් 140 දෙනකුට ලබා දුන් වාහන වලට ඉන්ධන ලබා දීම පසුගිය සතියේ සිට අත්හිටුවා ඇත.
මෙම වාහන ලිඛිත පැවරීම කින් තොරව පාවිච්චි සඳහා ලබා දී ඇති අතර මසකට ඉන්ධන ලීටර් 250 රජය මගින් සැපයූ බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.
ඉන්ධන ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති අතර වාහන පවරා ගැනීමක් සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැති බවද එම ප්‍රකාශකයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේවා ප්‍රමාදකළේ? වහාම මෙම ආගමික නායකයින්ගේ නම් හෙලි කරන්න. මේ වගේ අමන රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති. හිඟන්නගේ පාත්තරේත් උදුරාගන්න කියලා මොන ආගමික ශාස්තෘවරයාද දේශනා කළේ?
ඔන්න අපේ බදු වලින් කරපු වැඩ. ඉතිං ගෙවපල්ල තවත් බදු...
අපෙ අප්පෝ මෙච්චර ආගමික නායකයින් ගොඩක්? රට බංකොළොත් වෙන එක අහන්න දෙයක්ද? පුළුවන්නම් ඔය ආගමික නායකයින්ගේ ලිස්ට් එකක් දාන්න කියන්නකෝ, අපිටත් දැනගන්න...
ආගමික නායකයින් 140 දෙනෙකුට ලබාදුන් වාහනවලට ඉන්ධන ලබාදීම (වාහන සහ ඉන්ධන) රටේ පුරවැසියන් නොදන්නා අලුත් කතාවක්...
මහජන බදු මුදල්වලින් කරන්න වෙන වැඩ නැද්ද?
රට වලපල්ලට යන එක අහන්න දෙයක්ද, මේ වගේ අපි නොදන්නා දේවල් කොපමණ ඇත්ද?
බොහෝම හොඳයි. ඇවිදලා ධර්මය පතුරුවන එක තමයි වඩා සාර්තක... එහෙම කරගෙන යනකොට ධර්මඥාණයේ ඉහළටම ගියාම ධර්මය පැතිරවීම පයින් ගිහිල්ලා කරන්න ඕනෑ නෑනේ, සෘද්ධිය ලැබෙනවානේ....
නිවැරදි තීරණයක්...
අන්න හොඳ වැඩක්...
රදගුරු මහතා ඕකටත් උද්ඝෝෂණයක් කරාවි. තෙල් ඉල්ලලා කෙලින්ම නෙමේ. බෝම්බේ ගැහුවා සාධාරණයක් වුණේ නෑ කියලා...
මේක තමයි සියලුම ආගමික නායකයින් තමන්ගේ අනුගාමිකයින්ට කියන්නේ ලබන ආත්මෙක නිවන් යන්න.. එහෙම නිවන් හරි දිව්‍ය ලෝකෙ යන්න ඕනෑනම් මේ ආත්මේදි අපිට පූජා කරන්න කියලා. අපි ඒවා අරගෙන මේ ආත්මේදීම දිව්‍ය ලෝක සැප විඳින්නම්.... ඊළඟ වාරෙකදීවත් බලපල්ලා කියලා. තනිකරම අපේ බදු මුදලින් පූජකයින්ට කප්පම් ගෙවීමක්. හෙන ගහනවා ගන්න අයටයි දෙන අයටයි...
ආගමික නායකයින් 140 කොහෙද මේ රටේ ඉන්නේ? රුපියල් 400 ගානේ බැලුවත් මාසෙකට කෝටි එක හමාරක් වියදම...
මේවාද කටවල් වැසීම සදහා ලබාදෙන අල්ලසකි.
ආගමික නායකයින් මේ කාලකණ්ණි ආණ්ඩුවට එරෙහිවනකොට මෙහෙම වෙන එක සාධාරණයි.
නම් දාන්න ඕනෑ නැහැ. තව ටික දවසකින් පාරට බහීවි මොකක් හරි අල්ලගෙන... එතකොට බලාගන්න පුළුවන් කවුද කියලා...
මෙච්චර උඩ ගියේ එහෙමත් දීලානේ ආගමික කටයුතුවලට, බණ දනට එක්කන් එන්න යන්න කියන්නේ... මින් පස්සේ මම නම් එහෙම අයව බණට දනට කැඳවන් නෑ... කොහොමත් එයාලාට කන්න බෙන්න දෙන්න අපිට තිබිලා එපායෑ... ඇයි ඉතින් ඇබිත්තයෝ ඉන්නේ පන්සලේම උයාගෙන කන්න හුරුවෙන්න. ඒක කරන්න බැරිනම් සේරම ආගමික ස්ථාන අත්හැරලා ආපහු ගෙවල්වලටම යන්න තියෙන දෙයක් කාලා ඉන්න...
ආගම අනුව ජීවත්වන මිනිස්සු ඉන්න රටක් නිසා මයිනා ක්‍රමය තමයි වැදගත්...
ඒක තමයි.., කවුරු බලයට ආවත් පවතින ආණ්ඩුවලට මේ සෙට් එක මේ තරම් කඩේ යන්නේ...!
තව තව මොන මොන අයට දුන්නා ද දන්නෙ නෑ.. දුප්පත් අපි විතරයි වගේ සල්ලි වලට තෙල් අරන් තියෙන්නෙ