(එම්.සුසිල් පියන්ත)

රක්ෂිත බන්ධනාගාර ගතව සිට පැම්ණි අහුන්ගල්ලේ කාන්තාවකට  අහුන්ගල්ල වැලිකන්ද නිවසේ සීටියදී වෙඩි තැබීමට දැරූ තැත ගිනි අවිය පත්තු නොවීම නිසා අසාර්ථක වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි.

නාදුන්න තුවක්කුකරුවකු ඇයගේ නිවසට ඊයේ  රාතියේ පැමිණ කිසියම් අවශ්‍යතාවයක් කියමින් වසා තිබූ දොර විවෘත කොට ගෙන ඉනේ ගසාගෙන සිටි ගිනි අවියකින් ඇයට වෙඩි තැබීමට උත්සහා දරා ඇති බවත් ගිනි අවිය පත්තු නොවීම නිසා නාදුනන තුවාක්කුකරු පැන ගොස් ඇති බවත් පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් ඇයගේ නිවසින් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව එම නිවසට ගියද වෙඩි තැබීම සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් හමු නොවූ බවත් වෙඩි තැබීමට පැමිණි නාදුනන තුවක්කුකරු සිය කුරුමානම වැරදීමෙන් පසු අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයෙන් දුම්රිය මාර්ගයට පිවිස පලා ගොස් ඇති බවද පොලීසිය කියයි.