(ඩයනා උදයංගනී)
නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් අහස අද (27) දිනයේදී වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවන අතර බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd