(සුජිත් හේවාජුලිගේ)

සංචරණ සීමා ඉවත් කිරීමත් සමග කොවිඩ්  පැතිරීම යම් ආකාරයකට වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

මේ අතර  දිවයින පුරා  අහඹු කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර  ඇත.

පුද්ගලයන් රෝහල්වලදී සහ තෝරාගත් ස්ථානවලදී ඇන්ටිජන්  පරීක්ෂණවලට  යොමු කිරීමට කටයුතු සූදානම්  කර ඇතැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා   සඳහන් කළේය.

පුද්ගල ඒකරාශීවීම්, ආයතනවල රැස්වීම් සහ  විවිධ ක්‍රියාකාරකම්  කොවිඩ්  පැතිරීම වේගවත් කර ඇතැයි පවසන හේමන්ත හේරත් මහතා එවැනි කටයුතුවලින් ඈත්වී සිටින ලෙස  ඉල්ලීමක්  කරයි.

විශේෂයෙන් පොදු ප්‍රවාහන භාවිතයේදී  සහ සෙසු  කටයුතුවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට මුල් තැන දෙමින් කටයුතු කළ යුතු බව  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර  අවශ්‍ය නිර්දේශ  ලැබුණු පසු සයිනොපාම් තෙවැනි මාත්‍රාව ලබා දීමට  සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි .