(අංජුල මහික වීරරත්න)
අස්වනු නෙලන ගොවීන්ගේ කෘෂි යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන ඔවුනට අඩුවකින් තොරව ලබාදීම සඳහා විධිමත් සැලසුමක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාට අද (03) දැනුම් දුන්නේය.
ගොයම් කපන යන්ත්‍ර හෙවත් ගොවීන් විසින් බූතයා ලෙස හඳුන්වනු ලබන යන්ත්‍ර ඇතුළු සෙසු යන්ත්‍රෝපකරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉන්ධන නිසි පමණට ලබා නොදෙන බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම දැනුම්දීම කර තිබේ.
ගොවි ජනතාවට ඉන්ධන සැපයීමේ ක්‍රමවේදය සඳහා සැලසුමක් සකස් කර ඒ පිළිබඳව වහාම කෘෂිකර්ම අමාත්‍යාංශය දැනුවත් කරන ලෙස ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම්දී තිබේ.
මේ දිනවල වී අස්වනු නෙලන අනුරාධපුර,අම්පාර, පොළොන්නරුව, කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්ක වල ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දී තිබෙන්නේ ඉන්ධන හිඟය නිසා අස්වනු නෙලීමෙි ප්‍රශ්න ඇති වී තිබෙන බවයි. ගොවි ගැටලු වලට සංවේදී වී ඉතා ඉක්මනින් ඒවා විසඳීමට රජය කටයුතු කරන බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අස්වනු නෙලන්න තෙල් දෙන්න
chandima Thursday, 03 March 2022 08:48 PM
හමුදාව දාලා අතින් කපන්න බැරිද?
Lalith M Thursday, 03 March 2022 09:46 PM
වපුරපු බීජවල අස්වැන්න ළඟදීම ලැබෙයි. හොඳින් නෙලාගනින් මලේ...
Toff Friday, 04 March 2022 10:53 AM
තකතීරු උපදෙස්. තුවාලේ අස්සේ කුණු වෙවී ඉන්න ගමන් දොස්තර හොඳහිත පාට්දානවා...
sharm warn Friday, 04 March 2022 11:29 AM
හා...!
janaka jayasingha Friday, 04 March 2022 01:39 PM
ඇමැතිතුමාට තෙල් ටිකක් ගහගත්තා නම් මීට වඩා හොඳට වැඩකරගන්න තිබුණා...