
තමාගේ ධුර කාලයේ ඉතිරි වසර දෙක අවසන් කරන බවත් නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත.
ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන ‘බ්ලූම්බර්ග්’ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
මාස ගණනක් මුළුල්ලේ විරෝධතා පැවැතිය ද ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බවත් තමාගේ ධුර කාලයේ ඉදිරි වසර දෙක අවසන් කරන බවත් ජනාධිපතිවරයා මෙහිදි සඳහන් කර ඇත.
කෙසේ නමුත් නැවත වරක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පවසා ඇති ජනාධිපතිවරයා තමන් මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිළිබඳව බවත් පවසා ඇත.
“අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස මට ධුරයෙන් ඉවත්ව යන්න බැහැ. මට අවුරුදු පහකට ජනවරමක් දුන්නා” ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත.
බ්ලූම්බර්ග් ඇසුරිනි
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම එදා ගත්ත තීරණය වැරදි බවත්, ඒ කාලේ ධූරයෙන් ඉවත් වූවා නම් වඩා හොඳ යයි දැන් මට හිතෙනවා. එහෙම වුණානම් ලංකාව කියා රටක් ඉතිරි වීමට ඉඩ තිබුනා. (2024 නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාව)
ඉතිං ඉතිරි වසර දෙකත් අසාර්ථක තමයි. දැන්ම ගියොත් අසාර්ථක වසර තුනයි.
මහා බැංකු හොරු ඇල්ලුවද? පාස්කු ප්‍රහාරය චූදිතයන් ඇල්ලුවද? විල්පත්තුව වන විනාශයට සාධාරණයක් කරාද? රටක් හිඟන්නෝ කරලා පවුලක් හොරා කෑවා. මේ අවුරුදු 2ට එච්චරයි උනේ.
ඔබතුමා අසාර්ථක දේශපාලනඥයෙකු බව තමන් විසින්ම,ඔප්පුකොට හමාරයි.වැරදි කරපු හිටපු අගමැති වරයාට දඬුවම් දෙන්න තවමත් බැරිවුණා.කරුණාකර ඔබ ඉවත්වී මේ රට ගොඩගැනීමට දැන් හෝ උදව් කරන්න.
ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය තුලින් ඇමති හා අගමැතිට වැඩි බලයක් ලැබෙන නිසා දැන් පාර්ලිමේන්තුව ගැනත් අගමැති සහ ඇමති මණ්ඩලය ගැනත් විශ්වාසය පලුදු වී ඇති හෙයින්, අඩුම වශයෙන් ජාතික ලැයිස්තුව වෙනස් කොට ලෝකයත් පිළිගන්න හොඳ 15ක් පමණ පාර්ලිමේන්තුවට සද්භාවයෙන් ගෙනැල්ලා ඔවුන්ට අගමැති සහ ඇමති මණ්ඩලය භාර කොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකොට මාස 6 කින් පමණ මහා මැතිවරණයකට යාමට හැකිනම් සුදුසු බව කිව හැකියි. වර්තමාන පාර්ලිමේතුවට මේ වෙනුවෙන් තම ආත්මාර්ථකාමිත්වය පසෙකලා කැප කිරීම් කරවීමට ජනපතිට පොළඹ වන්න පුලුවන්ද?
අයතා ක්‍රම උපයෝගී කරමින් රාජපක්ෂ පවුලෙන් හා සහචරයන් ගසා කෑ ඩොලර් සහ රුපියල් නැවත ලක් රජයට ලබා දෙන තුරු ඔබට හොබවන තනතුරේ අනාගතයක් නැත.
ඉතිරි වසර දෙක ඉන්න ඕනේ නැහැ.කරුණාකර ශ්‍රී ලංකාවේ ආර්ථිකයටත්,මහජනතාවටත් කරන උදව්වක් හැටියට ඉක්මනින්ම අයින් වෙලා ගියොත් ලොකු දෙයක්.
කථා එපා, බලෙන් ඇදලා එළියට දාන්න ඉස්සෙල්ලා වහාම ඉල්ලා අස්වෙනු !
ඔබතුමා සාර්ථක වෙලා යන්න අහින්සක අපි හැදිගෑවිලාම යන්න ඕනේම ද
නියමයි.ඔබතුමා රැඳිලාම ඉන්න .සියල්ල හරි යාවි
ඒසේ කිරිමට නම් පලමුව ැසිල් ආන්ඩුවෙන් නෙරපිය යුතුයි. දෙවදෙව තමන්ට මතිවරණයෙදී අවංකව උදවුකල උගතුන්ගෙන් උපදෙස් ලබගත යුතුයි. කිසිම අත්හදාබැලිමකින් තොරව, කබනික පොහොර ව්‍යාපෘති කරා වගෙ වැඩ නොකල යුතුයි. අගේ ඉදන් කන කන, ලනුදෙන නිලදාරින් සහ එහෙයියන් හදුනාගෙන එවැනි දේට හසු නොවිය යුතුයි.
ආ.. මේ බලන්න මො.. හිාගෙන ඉන්නෙ දැන් හරිම සාර්ථක ජනදිපති කෙනෙක් කියලද? දැනටමත් රටට ම කෙලවල ඉවරයි. . තව නැති වෙන්න දෙයක් නැති තැනට ගෙනල්ල.. එකට යන්තම් අවුරුදු දෙකයි ගියෙ. . තව අවුරුදු දෙකක් එල්ලිල ඉදල පෙන්නන්න හදන සාර්තකත්වය මොකද්ද දන්නෙ නැහැ.. රනිල් කියල පඹයෙක් අල්ලගෙන බෙල්ල බෙර ගත්ත. . දැන් කට පන අවිල්ල. . ජනාධිපති ජොකර්. .
යකෝ මෙක මාර වැඩක්නෙ - අපි පරීක්ෂනාගාර මිීයොද? දැන් මෙයාගෙ පරික්ශන සාර්ත්ක වෙලා පොර වෙනකල් අපි දුක් විදින්න ඔනෙ.
ඉතිරි අවුරුදු දෙකක් හිටියොත්, මිනුස්සු අසාර්ථක කියල නොවේ කියාවි, මෝඩ කියල කියාවි.
හම්මෝ මොකුත්ම කියන්නෙ නැහැ ආයෙ ප්‍රාදේශීය සබාවකටවත් නොයිල්ල හිටියොත් ඇති. ඒ තරමට කුජීතයි ඔයා.
ගෝ හෝම් ගෝටා
ඔබ තනතුරෙන් ගියා හෝ නොගියා, ඔබගේ අසාර්ථක අදූරදර්ශී පාලනය නිසා මේ රටේ ජන ජීවිතයට වී ඇති හානිය නැවත නිවැරැදි කිරීමට අපහසුයි. ඒ නිසා ඔබ තවත් ජනාධිපති ලෙස සිටීම කොතරම් සාධාරණ ද යන්න සිතා.. ඔබගේ අභිමානය නොව රටේ ජනතාව ගැන සිතා කටයුතු කරන්න ඕනෑ නේද?
හොරාකාපු ඩොලර් ටික දුන්නනම් හරිනෙ. එතකොට රට බේරගන්න බැරිය ගසාකෑම් ආපසුදුන් එකම නායකය ඔබවේයි.