
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
ලෝක කවි දින සහ රූකඩ දින සැමරුමට සමගාමීව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ අස්පර්ශ උරුම රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (29) පැවැත්විණ.
මෙහිදී ලංකාවේ කීර්තිමත් කවියන් තිදෙනෙකු සහ රූකඩ කලාව වෙනුවෙන් අනූපමේය සේවාවක් සිදු කළ නාට්‍යවේදීන් තිදෙනෙකු ද ඇගැයීමට බඳුන් විය.
ඒ අනුව මාර්ටින් ජයවර්ධන, පියසේන රතුවිතාන හා පාතකඩ කුලතිලක යන මහත්වරුන් කාව්‍ය කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබූ අතර මැක්ස්වල් කෲස්, ගම්වාරී ප්‍රේමීන් ,නලින් ගම්වාරි යන මහත්වරුන් රූකඩ කලා කීර්ති සම්මානයෙන් පිදුම් ලැබුහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වික්‍රමනායක දැක්කාම ඇතිවෙන්නේ අප්පිරියාවක්. මිනිස්සු රවටන කෙනෙක්.... ප්‍රතිපත්තිගරුක වෙන්න... තනතුර පස්සේ දුවන්නේ නැතිව.
අර දියවන්නාවේ කැබිනට් එක කියලා එකක් තියෙනවා. ඒකෙත් ඉන්නවා නොම්මර එකේ රූකඩ වගයක්.. එව්වා නටවන එක්කෙනා තමයි දැකලා තියෙන හොඳම ශිල්පියා. එයාටත් සම්මානයක් දෙන්නකෝ අනේ...