
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් , තමාව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) අවසර ලබා දෙන ලදී.
මෙම පෙත්සම දෙසැම්බර් මස 15 වැනිදා විභාගයට ගැනීමටද ශ්‍රේස්ඨාධිකරණය දින නියම කළේය.
ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා නොවැම්බර් මස 19 දා හෝ ඊට පෙර ගොනුකරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසට නියම කෙරිණි.
ඊට ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා දෙසැම්බර් මස 19 වන දාට පෙර ගොනුකරන ලෙස ද පෙත්සම්කාර පාර්ශවකරුවන්ට නියම කරන ලදී.
පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර හා වගඋත්තරකාර පාර්ශවයන්ගේ දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එස්. තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කළේය.
කිසිදු හේතුවක් නැතිව තමා අත්අඩංගුවට ගෙන රැදවුම් බාරයේ රදවා තබා ගැනීමේන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සදහන් කරමින් , තමාව එම රැදවුම් බාරයෙන් මුදාහැරීමට නියෝග කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපති , පොලිස්පති , රහස් පොලිස් අධ්යක්ෂක නිෂාන්ත ද සොයිසා , එහි ප්රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල , මහජන ආරක්ෂක අමාත්ය සරත් වීරසේකර , එම අමාත්යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්රාමික) ජගත් අල්විස් යන මහත්වරුන් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙත්සම විභාගකළාට කමක් නැහැ... මෑන්ව ගෙදර යවන්න එපා...
මෙයා මාධ්‍ය ඉස්සරහට ගියාම ඔහේ දොඩවනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා... චීවරයට පින් සිද්ද වෙන්න එතුමා එළියේ...