
(සුජිත් හේවාජුලිගේ )
අස්ට්‍රාසෙනිකා එන්නත පෞද්ගලික අංශය යොදවා හෝ මිලදී ගන්නා බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.
අස්ට්‍රාසෙනිකා පළමු මාත්‍රාව ගත් පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීම සඳහා එම එන්නත් මාත්‍රා ලක්ෂ හයක හිඟයක් පවතින බවද රාජ්‍ය ඇමතිවරිය කීවාය.
හිඟ එන්නත් ලබා ගැනීම සඳහා රටවල් කීපයක් සමග සාකච්ඡා කරගෙන යන බව කී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එය සාර්ථක වනු ඇතැයි බලාපොරොත්තු තබාගෙන සිටින බවද ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයට බැරි එන්නත් කොහොමද පෞද්ගලික අංශය ගේන්නේ? මට නම් තේරුම් ගන්න බැහැ...
කලින් උත්සහ කරානම් ගන්න තිබුනා නේද?
රජයට හෝ පෞද්ගලික අංශයේ රෝහල් වලට පුළුවන් කෙලින්ම නිෂ්පාදනය කරන සමාගමට මුදල් ගෙවල එන්නත් ගෙන්වා ගන්න.