(සුජිත් හේවාජූලිගේ)
යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කර ඇති නම් ඒවා සංශෝධනය කිරීමටත් පක්ෂවල ව්‍යාවස්ථාවන් හි එවැනි වගන්ති ඇතුළත් නම් එම දේශපාලන පක්ෂ දැනුවත් කර ඒවා සංශෝධනය සඳහා කාලය ලබාදීමටත් මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
ජනවාර්ගික සහයෝගිතාව හා රටේ අවුල් වියවුල් ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස මේ තීරණය ගෙන ඇතැයි කොමිසමේ නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොඳ ක්‍රියාවක්.... අකුරටම ක්‍රියාත්මක කරන්න. වගන්ති විතරක් නොවෙයි. ක්‍රියාකාරකම් ද අධ්‍යයනය කරන්න.
කකා, බිබී ඉන්නේ නැතිව ඉක්මණටම ඕවා කරපල්ලා. මට මතකයි දැන් අවුරුදු 2-3කට කළිනුත් ඔහොම කිව්වා. ඒත් කරපු දෙයක් නැහැ.
46 සැසියේදී 22-14කින් ලංකාවට එරෙහි යෝජනා සම්මත වුණා. ඉදිරියට එන 47 සැසියේදී ඒකට තව බර දෙන්නද මේ හදන්නේ..? අඬන මිනිහගේ ඇහැට තවතව ඇඟිල්ලෙන් අනින්න.
බොහෝම හොඳ අදහසක්...
ආගමික සහ ජාතීන්ගේ නම්වලින් ඇති සියලුම දේශපාලන පක්ෂවල නම් වෙනස් විය යුතුමයි. මෙය හොඳ පියවරකි...